නිල තලවලින් ඉවත් වූ නිලධාරීන් තවදුරටත් භාවිත කරන, රාජ්‍ය දේපොළ යළි භාරගැනීමට කටයුතු කරන්නැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දීමක් සිදුකර තිබේ.
අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් යොමු කරමිනි.
කොමිසම අවධාරණය කරන්නේ, රාජ්‍ය දේපොළ එලෙස අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.