අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍ය වරයා ලෙස කටයුතු කළ ඒලියන්ත වයිට් මහතා කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුවත අල් ජසීරා පුවත් සේවය වාර්තා කොට ඇත්තේ ආශීර්වාද පැන් බලයෙන් කොවිඩ් සුවවේයැයි බලාපොරොත්තු වූ ශ්‍රී ලාංකේය යකැදුරා(Shaman) මිය යයි යනුවෙනි.ගංගා වලට ආශීර්වාද පැන් මුට්ටි දැමීම යාතු කර්මයක් මිස වෛද්‍ය කර්මයක් නොවීම මත අල් ජසීරා ඔහු එසේ හඳුන්වන්නට ඇත.නමුත් ඒලියන්ත මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරන අගමැති වරයා එහි වයිට් මහතා වෛද්‍ය වරයකු ලෙස හඳුන්වා තිබීම මත මරණයෙන් පසුව වුව වයිට් මහතාගේ අනන්‍යතාව පිළිබඳ නිශ්චයක් නොමැති බවක් පෙනේ.ඒලියන්ත මහතා කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචි වී නොතිබීම ද ඔහුගේ වෘත්තීය අනන්‍යතාව පිළිබඳ ගැටළු මතු වීමට හේතුවකි.