ගැමියන් ගේ කෘෂිකාර්මික බෝග සඳහා වන සතුන් විසින් කරනු ලබන්නේ යැයි පැවසෙන හානිය සම්බන්ධයෙන් අලුත් සමාජ කතිකාවකට මුල පිරී තිබේ. අසරණ ගොවීන් විසින් කාලය ශ්‍රමය, ධනය වැය කොට තම දිවි පෙවෙත රැක ගැනීම පිණිස කරනු ලබන බෝග වගාවන්ට වන අලින්, රිලවුන්, ඉත්තෑවන්, දඬු ලේනුන් ආදී වන සතුන් ගෙන් බරපතල ලෙස හානි පැමිණීම මුල් කොට එම ගොවීන් හට ඇති එකම ජීවනෝපාය ද අහිමි වීම පිළිබඳ මෙම සමාජ කතිකාව මෑතක සිට පෙර නොවූ විරූ ලෙසින් කුළුගැන්වී ඇත. තම බෝග වගා විනාශ කිරීමට පැමිණෙන සෙසු වන සතුන් මරා දැමීමේ සිට වන අලින් ගොවි බිම් සහිත මානව ජනාවාස වලින් වන රක්ෂිතයන් වෙත පලවා හැරීම දක්වා වන දේශපාලනික යෝජනා උපාය මාර්ග සහ කුළු ගැන්වීම් ඒ සඳහා හේතු වී ඇති බව නොරහසකි. එම කරුණ සම්බන්ධයෙන් ඕනෑම කෙනකුට බැලූ බැල්මට වැටහී යන පරිදි ගොවීන් විසින් දුක් මහන්සියෙන් පවත්වා ගෙන යන බව බෝග වන සතුනට ආහාර පිණිස දී මෙරට ගොවි ජනතාවගේ ජීවිත අන්තරායකාරී තත්ත්වයකට ගෙන ඒමට කිසිවකුටත් ඉඩ දිය නොහැක. එමෙන්ම අප රටේ ගොවි ජනතාව මුහුණ දෙන මෙම වන සත්ව ඛේදවාචකය මුල් කොට සත්ව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳව පමණක් කතා කරනුයේ අගනුවර වායු සමනය කළ කාමර තුළ හිඳින හා සත්ව හිමිකම් රැකීම මුල් කොට ලැබෙන ජාත්‍යන්තර ආධාර අවභාවිතා කරමින් රාජ්‍ය නොවන සංවිධාන පවත්වා ගෙන යන ඉහළ මධ්‍යම පාන්තිකයන් පිරිසක් බවට පාර්ශවීය චෝදනාවක් එල්ල වී තිබේ. ඒ අනුව මෙම මිනිස් වන සත්ව ගැටුම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති හා තොරතුරු ප්‍රචාරය කරන ඇතැම් මාධ්‍ය ආයතන ද වන සතුන් කෙරෙහි සමාජ ද්වේෂය මුවහත් වන අන්දමින් එම කටයුතු වල යෙදෙන අයුරු මේ දිනවල දැක බලා ගත හැක. එය අනියමින් වන සතුන් ගේ පැවැත්ම කෙරෙහි බලපාන අන්තරායකාරී සාධකයකි.
එහෙත්, ඉහත සඳහන් අර්බුදය සම්බන්ධයෙන් වඩාත් විචාරශීලී විමසුමකට යොමු වන විට විශේෂිත කරුණු කිහිපයක් ඉස්මතු කොට දැක්වීමට සිදු වනු ඇත. එහි දී පළමුවෙන්ම අප ගේ සැලකිල්ලට ගත යුතු කරුණක් තිබේ.
මේ වන විට ඉතා ඉහළ මට්ටමකට පැමිණ තිබෙන ඇත් මිනිස් වන සත්ව ගැටුම ගත වූ දශක කිහිපය තුළ කෙමෙන් වර්ධනය වී ඇති බව ඉන් පළමු වැන්න ය. එම ගැටුම් වලින් ඉහත සඳහන් දෙපාර්ශවයට බරපතල හානි සිදුවන අලි මිනිස් ගැටුම යන වදන පවා 1970 දශකයෙන් පසු සමාජ කරලියට පැමිණි එකක් බවට වන අලින් ගේ තර්ජනයට ලක් වන ප්‍රදේශවල වැඩිහිටියන් තම හෘදයාංගම සාක්ෂි ඉදිරිපත් කරනු නියත ය. ඉහත සඳහන් ඛේදනීය තත්වයට බහු විධ සාධක බලපා ඇති බව නිසැක ය. නමුත් ඉන් කුඩා දරුවකුට වුව වටහා ගත හැකි ඛේදනීය යථාර්ථයක් තිබේ. එනම් එම ගත වූ කාල සීමාව තුළ එතෙක් වන සතුන් ගේ නිජ බිම්ව පැවැති භූමි කලාප ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වෙමින් ඒවා කාෂිකාර්මික මානව ජනාවාස ලෙස ප්‍රවර්ධනය පත් වීම ය.
මේ වන විට ඉතා ඉහළ මට්ටමකට පැමිණ තිබෙන ඇත් මිනිස් වන සත්ව ගැටුම ගත වූ දශක කිහිපය තුළ කෙමෙන් වර්ධනය වී ඇති බව ඉන් පළමු වැන්න ය. එම ගැටුම් වලින් ඉහත සඳහන් දෙපාර්ශවයට බරපතල හානි සිදුවන අලි මිනිස් ගැටුම යන වදන පවා 1970 දශකයෙන් පසු සමාජ කරලියට පැමිණි එකක් බවට වන අලින් ගේ තර්ජනයට ලක් වන ප්‍රදේශවල වැඩිහිටියන් තම හෘදයාංගම සාක්ෂි ඉදිරිපත් කරනු නියත ය. ඉහත සඳහන් ඛේදනීය තත්වයට බහු විධ සාධක බලපා ඇති බව නිසැක ය. නමුත් ඉන් කුඩා දරුවකුට වුව වටහා ගත හැකි ඛේදනීය යථාර්ථයක් තිබේ. එනම් එම ගත වූ කාල සීමාව තුළ එතෙක් වන සතුන් ගේ නිජ බිම්ව පැවැති භූමි කලාප ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වෙමින් ඒවා කාෂිකාර්මික මානව ජනාවාස ලෙස ප්‍රවර්ධනය පත් වීම ය.
මිනිසා යනු මෙලොව වෙසෙන බුද්ධිමත් ම සත්වයා ය. එනිසා තම යහපැවැත්ම උදෙසා බුද්ධිමත් නව උපාය මාර්ග යෙදීම මිනිස් ස්වභාවයයි. ඒ හේතුව ඒවා අතර විධිමත් සේම නොවිධිමත් උපාය මාර්ග ද ඇති බව පෙනේ. නිසි ශක්‍යතා අධ්‍යයනකින් තොරව අතීතයේ වන අලින් ඇතුළු වන සතුන් ගේ නිජ බිම්ව පැවැති භූමි කලාපයන් තුළ ඔවුන් ගේ පැවැත්මට හානිකර අයුරින් ජනාවාසකරණය හා කෘෂිකර්මය සඳහා යොදා ගැනීම ආදී මානව උපාය මාර්ග මෙම ගැටළුවේ ප්‍රධාන මූලයක් බව පෙනේ. නමුත් මිනිසා සතු බුද්ධිය වන සතුන්ට නොමැති අතර ඔවුන් ඒ සඳහා තම දිවි පැවැත්ම පිණිස යොදා ගනුයේ තම නෛසර්ගිකත්වය සහජතාව සහ ඉව ආදී ඉන්ද්‍රීය සංවේදීතාවන් බව අදටත් අප සමාජයේ බොහෝ දෙනකුට වැටහී නැත. ඒ සඳහා වන සරලම නිදසුනක් නම් මිනිසුන් විසින් තනන නව මාර්ග සහ වන අලින් භාවිතා කරන ඔවුන් ගේ ප්‍රවේණිගත සංචරණ මංපෙත් අතර පවත්නා වෙනසයි.
මේ වන විට වන අලින් ඇතුළු සතුන් ගම් වැදීම යනුවෙන් හඳුන්වන තත්වය ස්වභාව යුක්තිය මත පදනම්ව හැඳින්විය යුත්තේ මිනිසුන් ගේ වන වැදීමක් හෝ වල් වැදීමක් ලෙසිනි. ඒ වල් වැදීම මත මිනිසා විසින් වන අලින් ගේ ප්‍රවේණිගත සංචාරක මංපෙත් අහුරා දමා සෙසු වන ජීවීන් ගේ පැවැත්මට ඉවහල් වන බොහෝ සාධක ඉතා සාහසික ලෙස නිශේධ කොට තිබේ. එහෙත්,මිනිසුන්ට මෙන් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට වන සතුනට නොපුළුවන.
මේ වන විට අප රටේ වැඩිම වන අලි ගහනයක් වාර්තා වන ගල්ගමුවට ආසන්න ගැටදිවුල ආසන්නයෙන් දුම්රිය පාර හරහා ගමන් ගන්නා වන වලින් නිරතුරුවම දුම්රියේ ගැටීම නිසා මිය යාම මත එම දුම්රිය මාර්ගයට යටින් වන ජීවී උමං මාර්ගයක් තැනීම පසුගිය කාලයේ අරඹා තිබිණ. එවැනි උමං මාර්ගයක් ඔස්සේ වන අලින් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට කොතෙක් දුරට නැඹුරු වේද යන්න අනාගතය විසින් විසඳිය යුතු පැනයකි. නමුත් පසුගිය දා සිට එහි කටයුතු ද මුලුමනින්ම නතර කොට ඇති වගක් පෙනෙන්නට තිබේ.නමුත් එම වන ජීවී උමං මඟ තැනීමට යොදා ගත් ස්ථානය ඒ සඳහා කොතෙක් උචිත ද කිවහොත් මේ වන විටත් එම උමං මාර්ගය විවර නොවී පවතින පසු බිමක අතිශය අන්තරායකාරී ලෙසින් ඒ මතින් පිහිටි දුම්රිය මාර්ගය හරහා ගමන් කරන වන අලි ඇතුන් දැක ගත හැක. ඒ බව පරිසර ක්‍රියාකාරී සහ වන ජීවී ඡායාරූප ශිල්පී ආර්.එම්ජේ. බණ්ඩාරගේ ඡායාරූප එකතුවකින් සනාථ කර ගැනීමට අපට හැකි විය.
වන සතුන් සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කිරීමේ දී සත්ව චර්යාවේදය (Ethology) ආදී විෂය පථයන් හා පදනම්ව ඒ පිළිබඳව විමසුම් කිරීම ලොව පුරා දියුණු රටවල පිළිගත් නව සම්ප්‍රදායකි. එහෙත් ඒ පිළිබඳව හැදෑරීම් පසෙක තිබියදී Ethology යන වදන නවතම ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂවලට පවා ඇතුලත්ව තිබේද යන්න පවා සැක සහිත ය. මේ වන විට රට තුළ පැන නැගී ඇති අලි මිනිස් ගැටළුව සඳහාවිසඳුම් වන අලින් මානව ජනාවාස වලින් පළවා හැරිය යුතුය යන අවිද්‍යාතමක දේශපාලන තීරණ වලින් ඉස්මතු වනුයේ එම නොදැනුවත්කම මිස අන් කිසිවක් නොවේ.
සත්ව චර්යා යනු සතුන් ගෙන් සතුනට වෙනස් වන්නකි. ඒ අනුව සුනඛයන් සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ග වන අලින් සම්බන්ධයෙන් කෙසේ අදාල කර ගත නොහැක. මේ වන විට මිහිපිට වෙසෙන දැවැන්තම ක්ෂීරපායී සත්වයා අලියා; ඇතා තම ජෛවමය ආවේණිකත්වය, දේහ ස්කන්ධය, සංනිවේදන සහ තම චර්යා රටාව ආහාර සහ ප්‍රජනන ක්‍රියාදාමය ආදී සාධක මත සිය වාස කලාපය තෝරා ගනු මිස අපගේ පෙළඹවීම් හා තර්ජන ගර්ජන වලට අවනතව අපට අවශ්‍ය වන කලාපයන් තුළ ගාල් වෙතැයි සිතීම මුග්ධ සරදමක් නොඉක්මවන්නකි. එමෙන්ම අප විසින් ඔවුන් එවැනි නොතිසි පෙළඹවීමකට ලක් කිරීමේ අවසන් ප්‍රතිඵලය වනුයේ මේ වන විට පවත්නා අලි මිනිස් ගැටුම අතිශය අන්තරායකාරී දිශානතියකට යොමු වීම ය.
ඒ අනුව වන අලින් සම්බන්ධ විධිමත් හැදෑරීම් කළ විද්වත් ප්‍රජාව ගෙන් කරුණු විමසීමකින් තොරව සිදු කරන මානව ජනාවාස වලින් වන අලින් තුරන් කරවීමේ වැඩසටහන සිංහල අලුත් අවුරුදු උත්සව වල දක්නට ලැබෙන අලියාට ඇස තිබීමේ ක්‍රීඩාව සිහි ගන්වනකි.එහෙත් මෙය මරණීය ක්‍රීඩාවක් වනුයේ ඒ ඔස්සේ වඩාත් ප්‍රචණ්ඩ වන අලින් ගෙන් දැනට පවත්නා හානියට වඩා බරපතල ජීවන හානි ඇතුළු බහු විධ ආපදා සිදුවීමට ඇති පහසු අවකාශය නිසා ය.නමුත් ඒ සම්බන්ධයෙන් වග කිවයුත්තන් අනාගතයේ සොයා ගැනීම පවා අසීරු වනු ඇත.
වන අලින් හැරුණු කොට අප රටේ ප්‍රදේශ ගණනාවක බෝග වගාවන් රාශියකට හානි පමුණුවන රිලවුන් ගේ ගහණය අතීතයට සාපේක්‍ෂව කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇති බවට මත පළ වී තිබේ.
ඒ සම්බන්ධයෙන් වත්මන් රිලා ගහණය අතිශයෝක්තියට නංවන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වුවද එහි සත්‍ය තත්ත්වය වනුයේ අතීතයේ වන කලාප වල ජීවත් වූ රිලවුන් මේ වන විට මානව ජනාවාස කෙරෙහි සංක්‍රමණය වීමේ වැඩි නැඹුරුවක් පවතින බව ය.ඒ අනුර එක රිලා රංචුවක හිඳින රිලවුන් ගණන කොට අදාල භූමියේ වපසරිය අනුව සමීකරණ සවරූපයෙන් රිලා ගහණය බැලීම වැනි “වැලි බත් ඉවීම්” වහා නතර කළ යුතුව තිබේ. අප රටේ තත්වය මෙසේ තිබිය දී ඉන්දියාවේ නාගරික ජනාවාස පවා මෙලෙස රිලා ආක්‍රමණවලට ගොදුරු වී ඇති බවට තොරතුරු ඇත. ඔවුන් ඒ සඳහා අත් හදා බලා ඇති සාර්ථක විසඳුම් අනුගමනය කිරීමට අපට ද පුළුවන.
රිලවුන් ඇතුළු ජන ජීවිත වලට හානි පමුණු වන සතුන් ගේ ගහණය ශීඝ්‍රයෙන් ඉහළ යාම මුල් කොට ඔවුන් ගෙන් කොටසක් ඝාතනය කොට ගහණය පාලනය කිරීමේ ක්‍රමවේදයක් (Culling) අතීතයේ සිට ක්‍රියාත්මක විය. එහෙත්, ඒ සම්බන්ධයෙන් නූතන විද්‍යාඥයන් පවසනුයේ එය කෙසේවත් තිරසාර සේම සාධනීය වන ක්‍රියාදාමයක් නොවන බවකි. ඒ අනුව ඔවුන් ගේ ගහණය පාලනය කළ හැකි විද්‍යාත්මක ක්‍රියාදාමයන් පිළිබඳ ගෝලීය නැඹුරුවක් මේ වන විට දක්නට ලැබේ.
සෙසු ක්ෂීරපායී සතුන්ට සාපේක්‍ෂව වානර වර්ගයා මිනිසා සමඟ අන්තර් ක්‍රියාමය (Interaction ) සබඳතාවයනට යොමු වන බව පිළිගත් මතයකි. මහා වානරයන් සේ හැඳින්වෙන චිම්පන්සි, ඔරන්ඔටන්,ගොරිල්ලන් හා මිනිසුන් හොමිනිඩේ (Hominidae) නම් එකම සත්ව වර්ගයකට අයත් වීම මත චර්යාත්මක වශයෙන් මිනිසුන්ට යම් සමාන කමක් පළ කිරීම ප්‍රසිද්ධ කරුණකි.එමෙන්ම මෙම සත්ව කොට්ඨාශය අතරේ මිනිස් දම් ඉක්මවන උතුම් ගුණාංග ද දක්නට ලැබෙන බව පාරම්පරික ගැමි හිතවතෙක් පසුගිය දා මා හා කීය. “මොකක් හරි දරුණු කම්පනයක දී රිලවියෙකු ගෙන් බඩේ බැඳගෙන ඉන්න පැටියා මඟ හැරුණොත් තත්පරයක් වත් නොඉඳ වෙනත් රිලවියෙක් ඒ රිලා පැටියා බඩේ බැඳගෙන දුවනවා. ඒක මිනිස්සු අතරේ වත් නැති උතුම් ගුණයක්” හෙතෙම කීය. නමුදු පසුගිය රජයන් මගින් පවා රිලවුන් වෙතින් සිදුවන වගා හානිය අතිශයෝක්තියට පවා නංවාලමින් උන් දුරලීම පිණිස වායු රයිෆල් ලබා දීමේ ක්‍රියාන්විතයන් ද ඇරඹූ බව නොරහසකි. මේ වන විට එම දේශපාලනඥයන් තුළ පවතින එම රිලා විරෝධය “රිලා ත්‍රස්තවාදයක්” යන වදනින් ප්‍රකාශ වී ඇති බව ද සැවොම දනිති. නමුත් කුසගින්නට ආහාර පතා ගම් වදින මාංශ භක්ෂක නොවන රිලවුන් ගේ එම චර්යාවන් ත්‍රස්තවාදයක් වනුයේ කෙසේ දැයි අපි නම් නොදනිමු.
බෞද්ධ සංස්කෘතික පසුබිමක් සහිත අප ගේ ශ්‍රී ලාංකේය ජන විඥානයට අනුව ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය මුළුමනින් පිළිකෙව් කෙරේ. තම බෝග වගා පාළු කරන වන සතකු වුව මරා දමන්නට තරම් කෲර මනැස් සහිත බහුතරයක් තවමත් අප ජන සමාජය තුළත් මතු වී නැත. ඒ අනුව ඔවුන් වන සතුන් සම්බන්ධයෙන් එදා මෙදා තුර අනුගමනය කරනුයේ මනුසත් දම් මත පදනම් වන සාමකාමී සහජීවන ප්‍රතිපත්තියකි. Coexistence වශයෙන් හඳුන්වන මෙය ගැටුමකින් පසු විවිධ පාර්ශවයන් අතරේ පැවතිය යුතු මිනිසත් බවේ උතුම් බව විදහා දැක්විය යුතු තත්වයක් ලෙස ගෝලීය පිළිගැනීමක් තිබේ.
මීට කලකට ඉහත දීර්ඝ කාලයක් විදේශ රටක පදිංචිව සිටි ලාංකිකයෙකු ශ්‍රී ලංකාවට පැමිණ හලාවත ප්‍රදේශයෙන් වතු බංගලාවක් ද සහිත පොල් වත්තක් ගෙන එහි පදිංචි විය. ඒ වනවිට එහි පොල් වගාවට රිලවුන් ගෙන් හානි පැමීණීම මත වායු රයිෆලයක් ද මිලට ගෙන එම උවදුරු පිටු දැකීමට ඔහු සිතීය. එහි දී එම ප්‍රදේශයේ වැසියකු එම ඉඩම් හිමියාට පවසා සිටියේ රිලා රංචුවක හිඳින එක් රිලවකු ඉලක්ක කොට ඒ වායු රයිෆලයෙන් වෙඩි තැබුවහොත් ඉන්පසු කාලාන්තරයක් ගත වන තුරු ඒ රංචුවේ කිසිම රිලවකු එම පැත්ත පලාතකට වත් නොවන බව ය. ඒ අනුව එම ඉඩම් හිමියා ද දිනක් තම පොල් වත්තේ ගස් මත ඒ මේ අත දඟලමින් පොල් වලු වලට හානි කරමින් හිඳින රිලා රංචුවකින් එක් රිලවකුට වායු රයිලයෙන් වෙඩි පහරක් එල්ල කළේ එම උවදුර පිටු දකිනු පිණිස ය. එහිදී එම වෙඩි පහර එම රිලවා ගේ හිසට වැදුණු අතර උගේ හිස් කබල පුපුරා ලේ ධාරාවන් වැගිරෙන්නට විය. ඒ සැනින් තම අත්ලෙන් හිස අත ගා සිය අත්ලේ තැවරී ඇති රුධිරය දෙස බැලූ එම රිලවා සිය ලේ තැවරුණු අත්ල ඉඩම් හිමියාට ඔසවා පෙන්වා එසැනින් ගස මුල මැරී වැටුණි. එම සිදුවීමත් සමඟ ඔහුට එම වත්ත සේම මව් රට ද එපා වී නැවත එම විදේශ රටේම පදිංචියට ගිය බවක් ද මට දැන ගත හැකි විය.
බෞද්ධ සංස්කෘතික පසුබිමක් සහිත අප ගේ ශ්‍රී ලාංකේය ජන විඥානයට අනුව ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය මුළුමනින් පිළිකෙව් කෙරේ. තම බෝග වගා පාළු කරන වන සතකු වුව මරා දමන්නට තරම් කෲර මනැස් සහිත බහුතරයක් තවමත් අප ජන සමාජය තුළත් මතු වී නැත. ඒ අනුව ඔවුන් වන සතුන් සම්බන්ධයෙන් එදා මෙදා තුර අනුගමනය කරනුයේ මනුසත් දම් මත පදනම් වන සාමකාමී සහජීවන ප්‍රතිපත්තියකි. Coexistence වශයෙන් හඳුන්වන මෙය ගැටුමකින් පසු විවිධ පාර්ශවයන් අතරේ පැවතිය යුතු මිනිසත් බවේ උතුම් බව විදහා දැක්විය යුතු තත්වයක් ලෙස ගෝලීය පිළිගැනීමක් තිබේ.
අලි මිනිස් ගැටුම සංසිදුවන මනුසත්දම් මෙහෙවරක් වශයෙන් වන විශේෂ වැඩසටහනක් මෙම ජනවාරි 05 ඉරිදා පෙ.ව 10.00 ට පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව, සෙනරත්ගම, පුලංචිය වැව අද්දර ගිමන් හල පාරිසරික උද්‍යානයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය හෙවත් ඇත් පිළිරුව අද්දර පැවැත් වීමට එය ඉදි කළ අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබ සාධක සංවිධානය කටයුතු යොදා ඇත. එහි දී අප විසින් රචනා කරන ලදුව ලසන්ත අබේපාල විසින් තනු නිර්මාණය කොට සංගීතවත් කළ ඇත් පිළිරූ ගීතයක් එළි දැක්වෙන අතර එය අහිංසා ශ්‍රී ලංකා සංවිධානයේ ව්‍යාපෘති සහ මෙහෙයුම් අධ්‍යක්ෂ හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ යන් ප්‍රමුඛ පිරිසක් විසින්ම ගායනා කිරීම විශේෂත්වයකි.
මෙවන් පසුබිමක් යටතේ අලි මිනිස් ගැටුම සංසිදුවන මනුසත්දම් මෙහෙවරක් වශයෙන් වන විශේෂ වැඩසටහනක් මෙම ජනවාරි 05 ඉරිදා පෙ.ව 10.00 ට පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව, සෙනරත්ගම, පුලංචිය වැව අද්දර ගිමන් හල පාරිසරික උද්‍යානයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය හෙවත් ඇත් පිළිරුව අද්දර පැවැත් වීමට එය ඉදි කළ අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබ සාධක සංවිධානය කටයුතු යොදා ඇත. එහි දී අප විසින් රචනා කරන ලදුව ලසන්ත අබේපාල විසින් තනු නිර්මාණය කොට සංගීතවත් කළ ඇත් පිළිරූ ගීතයක් එළි දැක්වෙන අතර එය අහිංසා ශ්‍රී ලංකා සංවිධානයේ ව්‍යාපෘති සහ මෙහෙයුම් අධ්‍යක්ෂ හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ යන් ප්‍රමුඛ පිරිසක් විසින්ම ගායනා කිරීම විශේෂත්වයකි.ඔහු පවසනුයේ මෙම මනුසත් දම් වැඩ සටහන සම්බන්ධ පෞද්ගලික කැපවීමක් ලෙස තමන් ද ඒ ගායනයට හවුල් වීමට තීරණය කළ බවකි.එමෙන්ම මෙම වැඩ සටහනේ විශේෂ දේශනයක් අප වෙත ද පැවරී තිබේ.
ඊට අමතරව වන අලි ඇතුන්ට රැකවරණ දෙන බවට අතීත වන්නිහත්පත්තුවේ ගැමියන් විශ්වාස කළ දහනක බණ්ඩාර දෙවියන් සඳහා වන මේ වන විට අභාවයට ගොස් ඇති පැරණි දේව කන්නලව්වක් ද මීට එක් වනු ඇත.ඒ එම ජනතාව තුළ පාරම්පරිකව පැවැති සත්ව අහිංසා ආකල්ප පිබිදවීමක් අරමුණු කර ගනිමිනි. ඒ අනුව මේ වන විට සමාජයේ ඉස්මතුව ඇති අලි මිනිස් ගැටුම දුරලීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් වෙතින් ඉදිරිපත්ව ඇති විවිධ විසදුම් අතරට මිනිසුන් සතුන් හා සොබාදහමට එරෙහි නොවන අයුරින් ඉදිරිපත් කොට ඇති මෙම මනුසත්දම් බව පදනම් වන විසඳුම් මාර්ගය තුළ කිසියම් සුවිශේෂත්වයක් සේම අපූර්ව සුන්දරත්වයක් ද ඇතැයි මට සිතේ.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර