අලි ඇතුන් ගැන විශ්ව කෝෂයක් බඳු සද්දන්තයා,වෛද්‍ය නන්දන අතපත්තු සමුගනී

අලි ඇතුන් සම්බන්ධ විශ්ව කෝෂයක් බඳු අති දැවැන්ත දැනුම්,අත්දැකීම් සම්භාරයක් ගොනු කරගෙන සිටි හිටපු වන ජීවී අධ්‍යක්ෂ වරයකු ද වන වෛද්‍ය නන්දන අතපත්තු මහතා අභාවප්‍රාප්ත විය.කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි සිය නිවසේ දීම ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.වන අලින් කළමණාකරණය සම්බන්ධ විධිමත් සැළැස්මක් නොතිබූ යුගයක තම දැනුම හා අත්දැකීම් පදනම් කර ගනිමින් ඒ සඳහා විධිමත් වැඩ පිළිවෙලක් සකස් කළ මුල් යුගයේ බරපතල විවේචන වලට පවා ලක් වූ වෛද්‍ය නන්දන අතපත්තු මහතා තම වැඩ පිළිවෙල අත නොහැරීම මත අද එහි විශිෂ්ඨ ප්‍රතිඵල අත් කර ගැනීමට සමස්ත ජාතියටම හැකිවීම ඔහුගෙන් හිමි වූ අමිල දායාදයකි.වෛද්‍ය නන්දන අතපත්තු මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

කාලීන පුවත්