අලි-පොහොට්ටු සන්ධානයක් ගැන රනිල් බැසිල් කතා බහක

අලි-පොහොට්ටු සන්ධානයක් ගැන රනිල් බැසිල් කතා බහක ඉදිරියේ මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර දුරකථයෙන් සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.මේ අතර රාජපක්ෂ පවුල් දේශපාලනයට එරෙහි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමේ පසුබිමක් තුළ සිදුව ඇති ඉහත සඳහන් දුරකථන සාකච්ඡාව මඟින් එම ක්‍රියාදාමය පසුගැන්වෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්