අලුත්කඩේ වෙඩික්කරු හා අත්අඩංගුවට ගත් සැකකරු එක් අයෙක්ම ද?

අලුත්කඩේ අංක 05 දරන මහේස්ත්‍රාත් අධිකරණ චිත්ති කුඩුව මත දී ගණේමුල්ලේ සංජීව නමැති පාතාලයේ ප්‍රබලයාට වෙඩි තබා ඝාතනය කිරීම සම්න්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු මේ ඝාතනය සිදු කළ තැනැත්තාමද යන්න පිළිබඳව ඉතා කුඩා සැකයක් හෝ ඇති නොවනු පිණිස එම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයාමදැයි තහවුරුකර ගැනීමට එදින අධිකරණයේ සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සැකකරුගේ මුහුණ හඳුනා ගැනීමේ විශේෂ පරික්ෂණයක් සිදුකර විශේෂඥ නිර්දේශයක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.එයට අමතරව සැකකරුගේ ඇඟිලි සලකුණු සහ ඩී.එන්.ඒ. පරික්ෂණයක් ඇතුළු පොලිසියෙන් පරිබාහිරව විශේෂඥයන්ගේ සාක්ෂි ද ලබා ගැනීම සිදු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටියේය.

කාලීන පුවත්