සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද(11) සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වේ.දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළේ ලබන 20 වැනිදා දක්වා එම සේවා ක්‍රියාත්මක බවයි.
ඒ යටතේ බදුල්ල, බෙලිඅත්ත, අනුරාධපුර, ගාල්ල හා කන්කසන්තුරෙයි දක්වා අතිරේක දුම්රිය ගමන් වාර 40 ක් යෙදවෙනු ඇති.මීට අමතරව යාල් දේවී හා රජරට රැජිණ දුම්රියවල මැදිරි සංඛ්‍යාව ද වැඩි කර තිබේ.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට පෙරේදා සිට ලංගම – පෞද්ගලික බස් විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කෙරිණි.