එළඹෙන අලුත් අවුරුදු සමයේ දී ලාෆ් ගෑස් සැපයීම සිදු කිරීමට නොහැකියාවක් පවතිනු ඇතැයි ලාෆ් ගෑස් සමාගම අනතුරු අඟවා තිබේ.ඒ මෙරටට ගොඩ බෑම සඳහා රැගෙන විත් තිබූ නෞකාවක ගෑස් මෙට්රික් ටොන් 5500 ක් මුදල් ගෙවා නිදහස් කර ගැනීම නොහැකි වීම මත ආපසු හරවා යැවීමට සිදුව ඇති බැවිනි.
ලාෆ් ගෑස් සමාගම සඳහන් කරන්නේ මෙට්රික් ටොන් 5500 යුතු මෙම ගෑස් තොගය නිදහස් කර ගැනීම සඳහා ණයවර ලිපියට රාජ්ය බැංකුවකින් ඩොලර් මිලියන 5 කට අඩු මුදලක් නිකුත් නොකිරීම මත එම ගෑස් තොගය භාර ගැනීමට නොහැකි වූ බවයි.