අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාව අද සිට ක්‍රියාත්මකයි

අද (07) දින සිට අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරන බවත් එළඹෙන 18 වනදා දක්වා එම සේවාව ක්‍රියාත්මක බවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි.

අද දිනයේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොල ඇතුළු තෝරාගත් ප්‍රධාන නගරවල සිට මෙම බස් සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.එච් පණ්ඩුක ස්වරණහංස සදහන් කරයි.

මේ වෙනුවෙන් බස් රථ විශාල සංඛ්‍යාවක් සූදානම් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා පසුගිය 4 වනදා සිටම ආරම්භ කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන් ජේ ඉඳිපොළ මහතා පවසයි.

එම දුම්රිය සේවා ලබන 17 වනදා දක්වා ක්‍රියාත්මකයි.

 

කාලීන පුවත්