ජනාධිපතිවරණය දැන් ඇත්තේ අපේ මුහුණ ඉදිරියේ ය. තව පැය තිහක් තුළ දී ජනපතිවරණය පසුකර ඉදිරියට ගොස් තිබෙනු නිසැක ය. සාමාන්‍යයෙන් මැතිවරණයක දී සැබෑ ජනතා මතය පිළිඹිඹු කෙරෙතැයි අපේක්ෂා කෙරෙයි .සර්ව ජන ජන්ද බලය ක්‍රියාත්මක කළ ආසියාවේ පැරණිතම රාජ්‍යය සේ සැලකෙන මේ රටේ ඡන්ද හිමි නාමලේඛනයේ නම ලියාපදිංචි කළ වයස අවුරුදු දහ අටට වැඩි සෑම පුද්ගලයෙකුටම මැතිවරණයක දී ඡන්ද භාවිතා කළ හැකිවෙයි.සර්ව ජන ඡන්ද බලය මෙරට ක්‍රියාත්මක කර දැනට වසර වසර 93ක පමණ කාලයක් ගත වී ඇති අතර විශේෂයෙන් 1947 පසුව රටේ ආණ්ඩු බලය තීරණය කළේ සාමාන්‍ය ජනතාව ය.මේ දිනවල බහුලව දේශපාලන වේදිකාවේ කතා කෙරුනු “වසර හැත්තෑ හයේ සාපය” යනු ඔය මහජන බලය ක්‍රියත්මක කිරීමෙන් ජනතා අභිලාෂයන් මත පත්කළ ආණ්ඩු පිළිබඳව ඇතැම් දේශපාලඥයන් තැනූ ප්‍රවාදයකි.
අප රටේ රාජ්‍ය නායකයා තේරීම මහජනතාව සතු පරම අයිතියකි.එය ජනතා පරමාධිපත්‍යය යන සංකල්පය මත පදනම් වේ. රාජ්‍යයට අයත් භූගෝලීය බල ප්‍රදේශයටත් එහි ජිවත්වන මහ ජනතාවටත් එහි ක්‍රියාත්මක වන පාලන තන්ත්රයේත් ප්‍රධානත්වය රාජ්‍ය නායක යන්නෙන් අදහස් වේ.රටේ පාලන තන්ත්රය රජය ලෙස හැඳින්වෙන අතර එහි ප්‍රධානත්වය ද ව්‍යවස්ථානුකූලව රාජ්‍ය නායකයාට පැවරේ.රජය නැතිනම් රටේ පාලන තන්ත්රය කොටස් තුනකින් යුක්ත ය. එය ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය ලෙස හැඳින්වේ.රටේ ජීවත්වන ජනතාවගේ ආරක්ෂාව ඇතුළු විධායක බලය ව්‍යවස්ථානුකූලව පවරා ඇත්තේ ජනාධිපතිවරයාට ය.විධායක ය යනු ව්‍යවස්ථාදායකය පනවා ඇති හෝ පනවනු ලබන නීති ක්‍රියත්මක කරන ආයතනවලින් සැදුම්ලත් රාජ්‍ය ආයතන පද්ධතියයි. ඒ අනුව විධායකයේ ප්‍රධානත්වය ද ජනාධිපතිවරයාට පැවරේ.විධායකය මෙහෙයවීම පිළිබඳ අධීක්ෂණය භාරව ඇත්තේ අමාත්‍ය මණ්ඩලයට ය. විධායකය මෙහෙයවීමේ කාර්ය අයත් අමාත්‍යංශ අමාත්‍යවරුන් හා අමාත්‍ය මණ්ඩලය ආණ්ඩුව ලෙස සැලකේ .ආණ්ඩුවේ ප්‍රධානත්වය ද ව්‍යවස්ථාවෙන් පවරා ඇත්තේ ජනාධිපතිවරයාට ය. මේ සියල්ල හැරුණු විට ජනාධිපතිවරයා රාජ්‍යයේ සන්නද්ධ හමුදාවන්වල සේනාධිනායකයා ද වන්නේ ය. මේ අනුව අප රටේ මහජනතාව විසින් තෝරා ගනු ලබන ජනාධිපතිවරයා යනු රාජ්‍ය පාලනයේ අතිශය වැදගත් පංච විධ භුමිකාවක් පැවරී ඇති අයෙක් වන්නේය.එම නිසා මේ තනතුරට පත්වන තැනැත්තා එකී භූමිකාවන් ඉටුකිරීමට අවශ්‍ය දැනුම අවබෝධය කුසලතා පරිචය හා විචක්ෂණශීලී භාවය යන සුදුසුකම් වලින් යුතු අයෙක් වීම අනිවාර්ය වේ.
දැන් අප කරුණු විමසිය යුත්තේ ජනධිපතිවරණයක් හරහා ඉහත පංච විධ රාජ්‍ය පාලන භූමිකාවන් ඉෂ්ට කිරීමට සමත් පුද්ගලයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමට ස්වකීය පරම බලය භාවිතා කරන මහජනතාව ඒ සඳහා තමන් ඉදිරියේ පෙනී සිටින අපේක්ෂකයන්ට සිය කැමැත්ත ලබාදීමේ දී සාමාන්‍යයෙන් සලකා බලන කරුණු කවරේද? යන්න පිළිබඳව ය.එය මෙවර ජනාධිපතිවරණය ආශ්රයෙන්ම විශ්ලේෂණය කරගැනීමට ප්‍රායෝගික ය.මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින්තිස් නව දෙනෙක් ඉදිරි පත්වී සිටිති මේ අපේක්ෂකයින් සියල්ල පොදු අරමුණු මත බෙදා වෙන් කළොත් ජනාධිපති ධුරය ලබා ගැනීම, ස්වකීය දේශපාලන ප්‍රතිපත්තිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වේදිකාවක් ලෙස ජනපතිවරණය යොදා ගැනීම,වෙනත් අපේක්ෂකයෙකුට වක්‍ර සහයෝගයක් ලබාදීම,හෝ වෙනත් අපේක්ෂකයෙකුට අවාසියක් ඇති කිරීම ,ජනපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම නිසා යම් යම් පෞද්ගලික ප්රයෝජනයන් ලබා ගැනීමේ අදහස ,අනාගත දේශපාලන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා කල් ඇතිව ජනපතිරණය යොදා ගැනීම ආදී අරමුණු මත තරඟයට ඉදිරිපත්ව ඇති බව පැහැදිලි වේ.මෙහි දී සෘජුවම ජනාධිපති ධුරයට පත්වීමේ අරමුණ සහිතවම ඉදිරිපත්වූ අපේක්ෂකයන් තිදෙනෙකු පැහැදිලිවම හඳුනා ගැනීමට හැකි ය.මේ අපේක්ෂකයන් ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය තුළදී වැඩියෙන් ඉස්මතු කළේ කවර කරුණු ද යන්න විමසීම මෙහි ලා වැදගත් වේ.
එක් අපේක්ෂකයෙකු සිය ජනපතිවරණ ව්‍යාපාරය තුළ වැඩිපුර කතා කළේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ජය ගැනීමේ අවශ්‍යතාවය හා ඒ සඳහා තමන් කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ය.එමෙන්ම අර්බුදය ජය ගැනීමත් යළි එවන් අර්බුදයක් නොඑන්නට අවශ්‍ය පියවර ගනීමටත් තමා යෝජනා කර ඇති වැඩපිළිවෙල පිළිබඳව ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමත් ඔහුගේ ප්‍රධාන ඉලක්කය වී තිබෙනු නිරීක්ෂණය විය.ඔහුගේ සහායට ක්‍රියා කළ අනුගාමිකයන් ද ඒ අදහස ඉස්මතු කෙරෙන ප්රචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේ ය. අනුගාමිකයන්ට අනුව අර්බුද ජයගැනීමේ භාරදූර කාර්ය ඉටු කළේ තම අපේක්ෂකයා බැවින් එහි ඉදිරි කටයුතු ද ඔහු වෙතම පැවරීම කළ යුතු බව ජනතාවට තහවුරු කිරීමට ඔව්හු වෑයම් කළහ.
එක් අපේක්ෂකයෙකු සිය ජනපතිවරණ ව්‍යාපාරය තුළ වැඩිපුර කතා කළේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ජය ගැනීමේ අවශ්‍යතාවය හා ඒ සඳහා තමන් කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ය.එමෙන්ම අර්බුදය ජය ගැනීමත් යළි එවන් අර්බුදයක් නොඑන්නට අවශ්‍ය පියවර ගනීමටත් තමා යෝජනා කර ඇති වැඩපිළිවෙල පිළිබඳව ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමත් ඔහුගේ ප්‍රධාන ඉලක්කය වී තිබෙනු නිරීක්ෂණය විය.ඔහුගේ සහායට ක්‍රියා කළ අනුගාමිකයන් ද ඒ අදහස ඉස්මතු කෙරෙන ප්රචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේ ය. අනුගාමිකයන්ට අනුව අර්බුද ජයගැනීමේ භාරදූර කාර්ය ඉටු කළේ තම අපේක්ෂකයා බැවින් එහි ඉදිරි කටයුතු ද ඔහු වෙතම පැවරීම කළ යුතු බව ජනතාවට තහවුරු කිරීමට ඔව්හු වෑයම් කළහ.
තවත් අපේක්ෂකයෙකු ප්‍රධාන වශයෙන් ජනතාව ඉදිරියේ කතා කළේ ජනතාවට සහන සැලසීමේ තමාට ඇති සුවිශේෂී හැකියාව පිළිබඳව ය. තමා ගේ අරමුණ රටේ සමස්ත ජනතාවටම සහන සැලසීම බවත් එය මැනවින් ඉටුකිරීමට තමා සතුව වැඩපිළිවෙලක් ඇති බවත් ඒ සඳහා සුදුසු කණ්ඩායමක් ද තමන් සතුව පවසමින් ඒ අතර මතුවන ඕනෑම ප්‍රශ්නයක් තමා දිවා රාත්‍රි කැපවීමෙන් සේවය කර විසඳන බවත් සහතික වීම මගින් ජනතා විශ්වාසය ඇති කර ගැනීම ඔහුගේ අරමුණ බව පැහැදිලි විය.ඒ අපේක්ෂකයාගේ අනුගාමිකයෝ ද සහනදීම මුල් කරගත් ප්රචාරක ව්‍යාපාරයකින් සිය අපේක්ෂකයා ප්‍රවර්ධනය කළහ.
අනෙක් අපේක්ෂකයා මේ ජනාධිපතිවරණය තුළ සිය ප්‍රධාන උපාය මාර්ගය ලෙස ඉස්මතු කළේ දූෂණය හා හොරකම තුරන් කිරීම ය.ඔහු පෙන්වා දීමට උත්සාහ කළේ ගත වූ වසර හැත්තෑ හයේ ඔවුන් පවසන”සාප ලත් සමය” රටේ ඇතිවී තිබෙන අර්බුදයට ප්‍රධාන හේතුව පාලකයන් විසින් සිදුකරන දූෂණය හා හොරකම බව ය.විවිධ වරප්‍රසාද මගින් හා විවිධ නිෂ්ප්රයෝජන සංවර්ධන ව්‍යාපෘති හරහා රාජ්‍ය ධනය පාලකයින් විසින් මංකොල්ල කන බවත් තමා බලයට පත් කළොත් ඒ සියලු හොරකම් දූෂණයන් මුලිනු`පුටා දමා හොරකම් කළ අයට නිසි දඩුවම් පමුණුවා ඒ හොරකම් කළ කෝටි ප්‍රකෝටි ධනය ජනතාව සතු කරන බවත් ජනතාවට පැහැදිලි කර ජනතා ඡන්දය ලබා ගැනීම ඔහුගේ ඉලක්කය බව පෙනුණි.ඔහුගේ මැතිවරණ,ව්‍යපාරය තුළ අනුගාමිකයන් ද ඉස්මතු කළේ පාලකයන් විසින් සිදුකරන හොරකම දූෂණය පිටුදැකීම,වරප්‍රසාද නැතිකිරීම සාමාන්‍ය පංතියට බලය ලබා ගැනීම වැනි කරුණු ය.නමුත් වර්තමාන සමාජයේ පවතින දූෂණය සියළුම පාර්ශවයන් විසින් යම් යම් ආකාර වලින් සිදු කරන්නක් බවත් වත්මන් නව ලිබරල්වාදී ආර්ථිකය තුළ ඔවුන් පවසන සමාජයේ පන්ති විෂමතාව එලෙසින්ම නොපවතින බවත් ඔවුන් ජනතාව හමුවේ පැහැදිලි කර නැත.එමෙන්ම ගත වූ අඩ සිය වසක කාලය තුළ තම පාර්ශවය ද විවිධ ස්වරූපයන් ගෙන් මෙරට දේශපාලනය හා සහසම්බන්ධ වූ අයුරු ගැන ද එක් වදනක් වත් නොපැවසීම ඔවුන් තුළ වූ “අපූර්වත්වයකි”. මේ අනුව ජනාධිපති ධුරයට පත්වීම සඳහාම තරඟ වැදුණු ප්‍රධාන අපේක්ෂකයන් ගේ මැතිවරණ ව්‍යපාර වලින් රාජ්‍ය නායකත්වය සතු භාරදූර වගකීම් රාජ්‍ය නායකත්වය හා බැඳී පවතින පංචවිධ පාලන භූමිකාවන් ඒවා ඉටු කිරීමේ දී තිබිය යුතු සුදුසුකම් ආදිය ගැන කිසිදු දැනුවත් කිරීමක් මහජනතාව අරබයා සිදු නොවූ බව අතිශයින් පැහැදිලි ය.
සමස්ත ජනතාවටම සමාන අයිතියක් වන සර්ව ජන ඡන්ද බලය සහිත ප්රජාතන්ත්රාවාදී සමාජයක ජනතාවගේ වගකීම හා සර්ව ජන ඡන්දය භාවිතා කර ස්වකීය පරමාධිපත්‍ය බලය පරිහරණය කිරීම සඳහා සුදුස්සන් තෝරා ගැනීමේදී සලකා බැලියයුතු කරුණු ගැන ජනතාව දැනුවත් කිරීමේ කාර්ය භාරය පැවරී ඇත්තේ ජනමාධ්‍යයටයි.මේ ජනතාව දැනුවත් කිරීමේ කාර්ය සඳහා බාධාවකින් තොරව කටයුතු කිරීමේ අයිතිය හෙවත් ජන මාධ්‍ය නිදහස ප්රජාතන්ත්රාවාදී සමාජයක අනිවාර්ය අංගයක් ලෙස සැලකෙයි.ඒ අනුව ජනාධිපතිවරණයේදී ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය අතිශය වැදගත් ය.ඒ රාජ්‍ය නායකයා වෙත පැවරී ඇති අතිශය වැදගත් වගකීම් ඉෂ්ට කිරීමට සුදුසු පුද්ගලයෙකු තෝරාගැනීමේ දී සලකා බැලිය යුතු සුදුසුකම් පිළිබඳව ජනතාවට අපක්ෂපාතීව කරුණු පෙන්වාදිය හැක්කේ ජනමාධ්‍ය වලට පමණක් බැවිනි.එහෙත්, මේ ජනාධිපතිවරණය තුළ මෙන්ම මෙතෙක් පැවති කිසිදු ජනාධිපතිවරණයකදී කිසිවකදී මේ වගකීම ජනමධ්යයන්ගෙන් ඉෂ්ට වූයේ නැත.
නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් උගතුන් භා බුද්ධිමතුන් වුණු අය සාමාන්‍ය ජනයාගේ අවධානයට යොමු විය යුතු වැදගත් කරුණු කාරණා ගැන අවධානයෙන් සිට ජනතාවට කරුණු වටහා දිය යුතු ය.එසේ වුවද මේ ජනාධිපතිවරණයේදී උගතුන් හා උද්ධිමතුන් සේ සැලකෙන විවිධ වෘත්තීය ක්ෂේත්‍ර වල නිපුනයන් ජනාධිපති අපේක්ෂකයින්ගේ වේදිකාවල තම තමන්ගේ අපේක්ෂකයාගේ ගුණ වර්ණනා කරමින් ඔවුන්ට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටියා මිස රාජ්‍ය නායකයා පත්කර ගැනීමට ඡන්දය දීමේදී සලකා බැලිය යුතු වැදගත් කරුණු ජනතාවගේ අවධානයට ලක් කළේ නැත. ඔවුනුත් අපේක්ෂකයන් පෙන්වා දුන් හොරු ඇල්ලීම,සහන දීම හා අර්බුදය කලමනාකරණය වැනි සරල සිල්ලර කරුණුම ප්‍රවර්ධනය කරමින් අපේක්ෂකයන්ගේ අන්තේවාසිකයන් ලෙස ක්‍රියා කළ බව අපි දුටුවෙමු.එමෙන්ම සිවිල් සමාජ ක්රියාකාරිකයන් කියාගන්නා අය ද ක්‍රියා කළේ එපරිද්දෙනි.ඒ බොහොමයක් වෙනම් න්‍යාය පත්‍ර මත පිහිටා ක්‍රියා කරන්නවුන් බව ද අපි දනිමු.
ජනතා බලය මත රාජ්‍ය නායකයෙකු තෝරාගැනීමේ දී ඒ සඳහා සලකා බැලිය යුතු කරුණු ගැන ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් මේ රටේ උගතුන් හා බුද්ධිමතුන් සතු වේ.මේ රටේ උගතුන් හා බුද්ධිමතුන් යනු මහජනතාව විසින් අධ්‍යපනය සඳහා කළ ආයෝජනයන්ගේ ප්‍රතිපලයක් වේ .නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් උගතුන් භා බුද්ධිමතුන් වුණු අය සාමාන්‍ය ජනයාගේ අවධානයට යොමු විය යුතු වැදගත් කරුණු කාරණා ගැන අවධානයෙන් සිට ජනතාවට කරුණු වටහා දිය යුතු ය.එසේ වුවද මේ ජනාධිපතිවරණයේදී උගතුන් හා උද්ධිමතුන් සේ සැලකෙන විවිධ වෘත්තීය ක්ෂේත්‍ර වල නිපුනයන් ජනාධිපති අපේක්ෂකයින්ගේ වේදිකාවල තම තමන්ගේ අපේක්ෂකයාගේ ගුණ වර්ණනා කරමින් ඔවුන්ට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටියා මිස රාජ්‍ය නායකයා පත්කර ගැනීමට ඡන්දය දීමේදී සලකා බැලිය යුතු වැදගත් කරුණු ජනතාවගේ අවධානයට ලක් කළේ නැත. ඔවුනුත් අපේක්ෂකයන් පෙන්වා දුන් හොරු ඇල්ලීම,සහන දීම හා අර්බුදය කලමනාකරණය වැනි සරල සිල්ලර කරුණුම ප්‍රවර්ධනය කරමින් අපේක්ෂකයන්ගේ අන්තේවාසිකයන් ලෙස ක්‍රියා කළ බව අපි දුටුවෙමු.එමෙන්ම සිවිල් සමාජ ක්රියාකාරිකයන් කියාගන්නා අය ද ක්‍රියා කළේ එපරිද්දෙනි.ඒ බොහොමයක් වෙනම් න්‍යාය පත්‍ර මත පිහිටා ක්‍රියා කරන්නවුන් බව ද අපි දනිමු.
ජනතාවගේ බුද්ධිය පුබුදුවා පරමාධිපත්‍ය බලය පුබුදුවනවාට වඩා ඔවුන් ගේ හැඟීම් අවුස්සා එය කර ගැනීම පහසු හා වාසිදායක එකක් බව දේශපාලකයෝ දනිති.නමුත් දේශපාලකයන් මත යැපෙමින් කෝටි ප්‍රකෝටි ගණන් ආදායම් ලබන ජනමාධ්‍ය,උගතුන් බුද්ධිමතුන් හා සිවිල් ක්‍රියාකාරිකයින් සහිත රටක මීට වඩා දෙයක් බලාපොරොත්තුවීම ද කළ නොහැක.සර්ව ජන ජන්ද බලයෙන් ප්‍රයෝජනය ගැනීමට නම් සමාජ සංවිධාන, ජනමාධ්‍ය උගතුන් බුද්ධිමතුන් සියල්ල හුදු ජනතාවාදීන්ම විය යුතු ය. එසේ නොමැති පසුබිමක් තුළ නොවිධිමත් කරුණු පදනම් ව රටේ අනාගත ජනපතිවරයා තෝරාගෙන සෞභාග්‍යය පැතීම වැලි මිරිකා තෙල් ප්‍රාර්ථනා කිරීමකි. උඳු වපුරා මුං බලාපොරොත්තු වීමකි.
මේ අනුව මේ ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ දී ඒ ධුරයට අදාල වන වගකීම් ඉටු කිරීමට අවශ්‍ය කරන දැනුම අවබෝධය කුසලතා පරිචය විචක්ෂණශීලි බව තීරණ ගැනීමේ හැකියාව රාජ්‍ය තාන්ත්‍රික හැකියාව ආදී කිසිවක් ගැන ප්‍රමාණවත් සැලකිල්ලක් යොමුකර තීරණයක් ගැනීමට අවශ්‍ය පසුබිම ජනතාවට ලැබී නැත. එවන් පසුබිමක් තුළ කවර අපේක්ෂකයෙකු ජනාධිපතිවරයා ලෙස ජනතාව පත් කළත් එය අසම්පූර්ණ හා ප්‍රමාණවත් නොවන තෝරා ගැනීමක් සේ සැලකිය හැකි ය. ජනතාවගේ බුද්ධිය පුබුදුවා පරමාධිපත්‍ය බලය පුබුදුවනවාට වඩා ඔවුන් ගේ හැඟීම් අවුස්සා එය කර ගැනීම පහසු හා වාසිදායක එකක් බව දේශපාලකයෝ දනිති.නමුත් දේශපාලකයන් මත යැපෙමින් කෝටි ප්‍රකෝටි ගණන් ආදායම් ලබන ජනමාධ්‍ය,උගතුන් බුද්ධිමතුන් හා සිවිල් ක්‍රියාකාරිකයින් සහිත රටක මීට වඩා දෙයක් බලාපොරොත්තුවීම ද කළ නොහැක.සර්ව ජන ජන්ද බලයෙන් ප්‍රයෝජනය ගැනීමට නම් සමාජ සංවිධාන, ජනමාධ්‍ය උගතුන් බුද්ධිමතුන් සියල්ල හුදු ජනතාවාදීන්ම විය යුතු ය. එසේ නොමැති පසුබිමක් තුළ නොවිධිමත් කරුණු පදනම් ව රටේ අනාගත ජනපතිවරයා තෝරාගෙන සෞභාග්‍යය පැතීම වැලි මිරිකා තෙල් ප්‍රාර්ථනා කිරීමකි. උඳු වපුරා මුං බලාපොරොත්තු වීමකි.
සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති