ඩීසල් ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු කිරීම මත අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා ඉහළ දැමීමටත් සමස්ත බස් ගාස්තුව 20% ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට කටයුතු කරන බව පෞද්ගලික බස් සංගම් සඳහන් කරයි.පෙර පැවති ඉන්ධන මිල යටතේ වුව ද අමතර කොටස් මිල ඉහල යාම ලිහිසි තෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ගාස්තු ඉහල දැමීමට යෝජනා කර තිබූ බව ද සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.එසේ තිබියදී නැවත ඉන්ධන මිල ඉහල දැමීම මත වැඩි ප‍්‍රතිශතයකින් බස් ගාස්තු ඉහල දැමිය යුතුව ඇතැයි ද එම සංගමය කියා සිටී.