ඡන්දය සඳහා අයවැය මගින් මුදල් වෙන් කර තිබුණත් වැටුප් හා වේතන ගෙවීම,විශ්‍රාම වැටුප්, රෝහල්වල වෛද්‍ය සැපයුම්, මාසික සමෘද්ධි හා සහන සැපයීම්,වැඩිහිටි මූල්‍ය ආධාර,වකුගඩු රෝගීන් සදහා මූල්‍ය ආධාර ආදිය කල් දමා ඡන්දය සඳහා මුදල් ලබාදීමට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. රටේ අත්‍යවශ්‍ය වියදම් කපාගෙන ඡන්ද කරන්නට බැරි බවත් රටේ ප්රමුඛ වියදම් ලෙස පෙළගස්වා තිබෙන වියදම් ලැයිස්තුවෙන් මුදල් කපා දැමිය යුතු තැන් තිබේ නම් ඒවා පෙන්වා දීම ද විපක්ෂය විසින් කළ යුතු බව ඔහු කීය.