වෛද්‍යවරයකු ලෙසින් සමාජය හමුවේ පෙනී සිටි වත්තල ප්‍රදේශයේ පුද්ගලයකු විසින් පසුගිය 26 වන පුරපෝදින අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පෙරවීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ලැබුණු පැමිණිල්ලකට අනුව ඊයේ (28දා) එම පිළිමයට පොරවන ලද එම සිවුර පබළු ඔබ්බවන ලද පාවහන් යුවල සහ එම සිවුර පොරවන අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප හතරක් විමර්ශන සඳහා ගල්නෑව පොලිසිය භාරයට ගෙන තිබේ.අනුරාධපුර පුරා විද්‍යා කාර්යාලයට අයත් උපුල් වෙහෙර පුරාවිද්‍යා උප කාර්යාලයේ කලාප භාර නිලධාරියා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව ගල්නෑව පොලිසිය පවසයි.පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නීති අංශය මඟින් මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන ලෙසට දැන්වීමට අනුව මෙම පැමිණිල්ල සිදු කළ බව පුරා විද්‍යා කලාප භාර නිලධාරියා සිදු කල පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.අවුකන බුද්ධ ප්‍රතිමාවට පොරවන ලද අඩි 45 ක් දිග, අඩි 24යි, අඟල් 10 ක් පළල තැඹිලි පාට සිවුර සහ අඩි 1යි, අඟල් 10ක දිග, පළල අඟල් 7ක් වන පබළු ඔබ්බවන ලද පාවහන් යුවලක්, සිවුර පොරවන අවස්ථාව දැක්වෙන ඡායාරූප හතරක් විමර්ශන සඳහා තම භාරයට ගත් බව පොලීසිය සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නීති අංශය සහ නීතිපතිවරයා දැනුවත් කර නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.