අවුරුද්දට ගමේ යන්න ලක්ෂ දහතුනක පිරිසක්

මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් ලක්ෂ 13කට අධික මගී ජනතාවක් ගම් බිම් බලා යනු ඇතැයි අපේක්ෂා කරන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.ඒ අනුව ඔවුන් සියලු දෙනාට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් අද (!1)සිට විශේෂ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට සැළසුම් කර තිබේ.ප්‍රධාන කොටස් 05ක් යටතේ බස්රථ ධාවනය කිරීම සඳහා සැළසුම් සකස් කර ඇති අතර සාමාන්‍ය ගමන් වාර සංඛ්‍යාවට වඩා ගමන් වාර 700ක් අතිරේකව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය කියයි.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

කාලීන පුවත්