එළඹෙන සිංහල අලුත් අවුරුදු සමයේ සහල් හිඟයක් මවාපාමින් ජාවාරම්කරුවන් විසින් සහල් මිල ඉහල නැංවීමට එරෙහිව ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරනු ලබන පලමු සහල් තොගය ලබන සතියේ මෙරටට ලැබිමට නියමිත බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඒ යටතේ නාඩු, සම්බා, කැකුඵ යන සහල් වර්ග තුනෙන්ම මෙට්‍රික් ටොන් හතලිස් දහසක ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇත. ඒවා කඩිනමින් සහන මිලට පාරිභෝගික ජනතාවට ලබාදීමට වෙළෙඳ අමාත්‍යංශය කටයුතු යොදා ඇතැයි අමාත්‍ය වරයා කියයි. රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මෙම සහල් තොගය ආනයනයට පියවර ගෙන තිබේ.මේ අතර රජය ක්‍රියාත්මක කරන කාබනික ප්‍රතිපත්තිය නිසා පසුගිය යල කන්නයේ වී අස්වැන්න සැළකිය යුතු ලෙසින් පහළ බැස ඇති බව ද ගොවි ජන සේවා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.