අවුරුදු 05 ත් 12 ත් දරුවන්ටත් කොවිඩ් එන්නත්

වයස අවුරුදු 05 ත් 12 ත් අතර දරුවන්ට ද කොවිඩ් එන්නත් ලබාදීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙරට කොවිඩ් වෛරසය පැතිරිමේ වේගවත් වර්ධනයක් පෙන්නුම් නොකරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසුරිය මහතා කියයි.. සතියක පමණ කාලයක සිට ස්ථාවර මට්ටමක රෝගීන් වාර්තාවීමක් පමණක් සිදුවන බව ද ඔහු කියයි. ඒ අනුව වයස අවුරුදු 05 ත් 12 ත් අතර දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීමේ ඉදිරි ක්‍රිය මාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කෙරෙනු ඇත.

කාලීන පුවත්