වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට සඳහා වන කොව්ඩ් එන්නත්කරණය ලබන සිකුරාදා(07) ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි. මීට පෙර වයස අවුරුදු 15 ත් 19 ත් අතර දරුවන්ට එන්නත්කරණය කළ බවත් ඊට අමතරව විවිධ සංකූලතා සහිත අවුරුදු 12 ත් 15 ත් අතර 30 දහසක පමණ දරුවන්ට පිරිසකටද කොවිඩ් මර්දන එන්නත ලබාදුන් බව අමාත්‍යවරයා සඳහන් කරයි. වයස අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත්කරණයේදී කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාවක් පමණක් ලබාදීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබේ. බූස්ටර් එන්නත ලබා නොගත් පාසල් ගුරුවරුන්ටද එම ස්ථානයේදීම එන්නත් ලබාගැනීමේ හැකියාව පවතී.එමෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ පාසැල් ළමුන් ප්රවාහයේ නියැලෙන්නන් ඇතුලු පිරිස් වලට ද ඊට සමගාමීව බූස්ටර් එන්නත ලබාගත හැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.