අසරණ ගවයන් නොමරා මරන ජල්ලි කට්ටු අපට මොකටද?

vinivida

2024 තෛපොන්ගල් සැමරුමට සමගාමීව ශ්‍රී ලාංකේය දමිළ හින්දු සමාජයේ බහුතරය නොදැනුවත්වම ඊට එක් වූ නවාංගයක් පිළිබඳව අපට අසන්නට ලැබිණ. ඒ තෛපොන්ගල් සැමරුමට සමගාමීව සිදු කෙරෙන ‘ජල්ලි කට්ටු’ නම් දමිළ ජන ක්‍රීඩාව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති බවකි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය දෙමළ දේශපාලනඥයකු මූලික වී ඇති බව ද දැන ගත හැකි විය.’ජල්ලි කට්ටු’ යනුවෙන් හැඳින්වෙනුයේ ගව මිනිස් පොර හා සම්බන්ධ ත්‍රාස ක්‍රීඩාවකි.මෙය කොතෙක් ත්‍රාසජනක ද කිවහොත් මෙම ක්‍රීඩාවට සම්බන්ධ වන මිනිස් සහ ගවයන් සැළකිය යුතු පිරිසක් මරණයට පත් වන අතර තවත් පිරිසක් නිත්‍ය ආබාධිත බවට පත් වෙති.

දමිළ හින්දු සංස්කෘතික පසුබිමක් සහිත ප්‍රදේශවල මිලියන ගණනක ජනතාව ගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ කෘෂිකර්මයයි. එහි දී ඒ සඳහා මිනිසාට මහෝපකාරී වන සත්වයා වූයේ ගවයා ය.හින්දු ආගමට අනුව ගවයා යනු පරම පූජනීය සත්වයා ය. ඒ පූජනීයත්වය කොතෙක් ද යත් ගවයා යනු හින්දු මහා ඊශ්වර; මහේෂ්වර හෙවත් ශිව දෙවියන් ගේ වාහනය ලෙස ද හින්දු පුරාණෝක්ති වල දැක්වේ. මෙම දෙවිවරුන් ගේ වාහන යන දේව වාදී සංකල්ප වර්තමානයේ බොහෝ දෙනකු සරදම් පිණිස යොදා ගන්නා බව පෙනේ.

එවැනි ජීවිතාවදානමක් ඇති කරවන ත්‍රාස ක්‍රීඩාවට දමිළ හින්දු ආගම හා බද්ධ වූයේ කෙසේද? යන්න දමිළ නොවන බොහෝ දෙනෙකුගේ විමතිය මුසු කුතුහලය දනවන්නක් බව පෙනේ.නමුදු මේ සම්බන්ධයෙන් විමසීමේ දී අපට මුලින්ම පසක් වන අතිශය වැදගත් කරුණක් තිබේ. එනම් මෙය හින්දු ආගම හා ආධ්‍යාත්මය හා සදාචාර ධර්ම පද්ධතිය සමඟ කිසිදු සබැදියාවක් නොමැති දමිළ හින්දු භක්තිකයන් අතරේ වසර දහස් ගණනක් තිස්සේ පැවැති ජන ක්‍රීඩාවක් පමණක් බව ය. ජල්ලි කට්ටු හා හින්දු ආගම අතර ඇති සම්බන්ධය සිංහල බෞද්ධ බහුතරය විසින් සමරනු ලබන සිංහල අලුත් අවුරුදු ජන ක්‍රීඩා හා බුදුදහම ඇති සම්බන්ධතාවට බෙහෙවින් සමාන ය. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය ඇතුළු දමිළ හින්දු සංස්කෘතික පසුබිමක් සහිත ප්‍රදේශවල මිලියන ගණනක ජනතාව ගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ කෘෂිකර්මයයි. එහි දී ඒ සඳහා මිනිසාට මහෝපකාරී වන සත්වයා වූයේ ගවයා ය.හින්දු ආගමට අනුව ගවයා යනු පරම පූජනීය සත්වයා ය. ඒ පූජනීයත්වය කොතෙක් ද යත් ගවයා යනු හින්දු මහා ඊශ්වර; මහේෂ්වර හෙවත් ශිව දෙවියන් ගේ වාහනය ලෙස ද හින්දු පුරාණෝක්ති වල දැක්වේ. මෙම දෙවිවරුන් ගේ වාහන යන දේව වාදී සංකල්ප වර්තමානයේ බොහෝ දෙනකු සරදම් පිණිස යොදා ගන්නා බව පෙනේ. එහෙත්, දෙවියන් ගේ වාහන යනු වර්තමාන සමාජයේ මිනිසුන් ගමන් බිමන් යාම පිණිස යොදා ගෙන හිඳින වාහන ස්වරූපයෙන් සැළකිය නොහැක. හින්දු පුරාණෝක්තීන්ට අනුව එක් එක් දෙවියා සම්බන්ධයෙන් සිදු කරන විස්තර අනුව ඔවුන් ගේ අසාමාන්‍ය රූපකායන් සේම වාහන සම්බන්ධයෙන් ද විවිධ දාර්ශනික අර්ථ කථන පළ වී ඇත. ශ්‍රී ලාංකේය සමාජයේ බොහෝ දෙනකු නමින් වත් නොහඳුනන ඉන්දුවේදය (Indology ) නම් විෂය පථය තුළ එම දාර්ශනික සංකල්ප විවිධාකාරයෙන් විග්‍රහ වී ඇත. ඒ අනුව ශිව හෙවත් ඊශ්වර දෙවියන් ගේ වාහනය නාන්දි නම් ගවයා වශයෙන් හඳුන්වා දී ඇත්තේ මිනිස් සමාජයේ පැවැත්මට ඉවහල් වන කෘෂිකර්මය, ප්‍රවාහනය ආදි සම්බන්ධයෙන් එදා මෙදා තුර ගව මහීෂාදීන්ගෙන් සමාජයට දායාද වූ අනල්ප මෙහෙය නිසා බව සැක නැත. හින්දු ආගමේ ගවයාට හිමි වී ඇති මෙම පූජනීය තත්වය සමකාලීන භාරතීය සමාජයේ ඉහළම තැනකට පත්ව තිබූ බෞද්ධ සහ ජෛන ආගම් වලින් ද යම් තරමකට පිළිගෙන තිබීමෙන් ගවයා සම්බන්ධ එම අතීත තත්වය වටහා ගත හැක. බුදු දහමේ එන බ්‍රාහ්මණ ධම්මික නම් සූත්‍රයට අනුව ගව ඝාතනය මිනිස් වර්ගයා ගේ විනාශයට පවා මූලෝත්පාදක වන්නකි. එමෙන්ම “නත්ථි හෝ සමිතං ධනං” (ගවයා හා සමාන ධනයක් නැත) ආදී වශයෙන් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් කරුණු වලින් ද එම සත්වයා ගේ උතුම් බව තහවුරු කරගත හැකි ය.

ගවයාට එක්තරා අන්දමක දිව්‍යමය ස්වරූපයෙන් සැළකීම වත්මන් සමාජයේ ඇතැමුන් ගේ සරදමට උපහාසයට ලක් වුවද අතීත ජන සංස්කෘතියට අනුව ගවයා යනු ගෞරවනීය සත්වයකු බව සිංහල රාජ වංශයේ එන ‘වසභ’ ආදී රජවරුන්ගේ නම් වලින් පෙනී යයි.වසභ යනු සංස්කෘත භාෂාවෙන් වෘෂභ යන්න ය.එය සිංහලයෙන් ගවයා නම් වෙයි.ඒ අනුව තෛපොන්ගල් සැමරුමට පසුගාමීව සිදුකරෙන මාට්ටු පොන්ගල් නම් හින්දු සංස්කෘතිකාංගයේ දී කිසිදු කටයුත්තක් සඳහා ගවයන් නොයෙදීමත් එදිනට ඔවුන් සුවඳ පැනින් නහවා ඔවුනට තණ කොළ පුන්නක්කු වෙනුවට රස මුසවුළු වලින් සංග්‍රහ කිරීමත් චිරාගත සම්ප්‍රදායකි.

මේ නිසාම අප රටේ බොහෝ දෙනකු තෛපොන්ගල් නමින් හඳුන්වන හින්දු දින දර්ශනයේ එන ජනවාරි මැද සිට පෙබරවාරි මැද තෙක් යෙදෙන ‘තායි’ මාසයේ යෙදෙන ‘පොන්ගල්’ හෙවත් ඉතිරවීම හෙවත් සශ්‍රීකත්වය මත පදනම් වන හින්දු ආගමික පසු අස්වනු උත්සවයට පසුව හින්දු සමාජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා මහෝපකාරී වූ ගවයාට කෘතවේදීත්වය පළ කිරීමේ වෙනම උත්සවයක් ‘මාට්ටු පොන්ගල්’ නමින් සිදු කිරීම හින්දු සංස්කෘතියේ වැදගත් අංගයක් බවට පත් ව තිබේ. මෙහි දී ගවයාට එක්තරා අන්දමක දිව්‍යමය ස්වරූපයෙන් සැළකීම වත්මන් සමාජයේ ඇතැමුන් ගේ සරදමට උපහාසයට ලක් වුවද අතීත ජන සංස්කෘතියට අනුව ගවයා යනු ගෞරවනීය සත්වයකු බව සිංහල රාජ වංශයේ එන ‘වසභ’ ආදී රජවරුන්ගේ නම් වලින් පෙනී යයි.වසභ යනු සංස්කෘත භාෂාවෙන් වෘෂභ යන්න ය.එය සිංහලයෙන් ගවයා නම් වෙයි.ඒ අනුව තෛපොන්ගල් සැමරුමට පසුගාමීව සිදුකරෙන මාට්ටු පොන්ගල් නම් හින්දු සංස්කෘතිකාංගයේ දී කිසිදු කටයුත්තක් සඳහා ගවයන් නොයෙදීමත් එදිනට ඔවුන් සුවඳ පැනින් නහවා ඔවුනට තණ කොළ පුන්නක්කු වෙනුවට රස මුසවුළු වලින් සංග්‍රහ කිරීමත් චිරාගත සම්ප්‍රදායකි.පට්ටි පොංගල් නමින්ද හඳින්වෙන මෙම දිනයේ වෙනම කිරි ඉතිරවීමකින් කිරිබතක් පිස එය දෙවියන්ට පිදීමෙන් හා ගව මහීෂාදීන්ට කැපවීමෙන් මෙම උත්සව නිමාව දකී.මෙම උත්සවයේ සුවිශේෂත්වය වනුයේ ගත වූ වසර තුළ තමන් වෙතින් ගවයන්ට සිදු වූ වැරදි අඩු පාඩු සම්බන්ධයෙන් ඔවුන්ගෙන් සමාව අයැද නව වසරේ සරු අස්වැන්නක් ලබා ගැනීමට උපකාර වන මෙන් ගව මහීෂාදීන්ට ආයාචනා කිරීම ය.එය දේවාශීර්වාදයට හේතු වන්නක් බවට ද හින්දූන් අත්‍ර පිළිගැනීමක් තිබේ.මෙහි දී හින්දු බැතිමත්හු පළමුව ගව පට්ටි සුද්ද පවිත්‍ර කර ගනිති. දෙවනුව ගව පට්ටි ගොක් කොළ, අඹ කොළවලින් සරසා ගනිති.එමඟින් ඔවුන් කෙරෙහි බලපාන ගුප්ත දෝෂ හරණය වන බවට විශ්වාසයක් හින්දු සමාජයේ තිබේ.ඉනි`ක්බිතිව ගවයන්,නහවා පිරිසුදු කර අංවලට වර්ණ ආලේප කොට ගෙලට මල්මාලා පළඳවති. නළලත කුංකුම තිලක තබා ඔවුන් හැඩ ගැන්වීම ද මෙහි විශේෂත්වයකි.ගවයන්ට අමතරව මෙහි දී එළුවන් සම්බන්ධයෙන් ද මෙබඳු වත් පිළිවෙත් කිහිපයක් කරනු ලැබේ.මෙවර ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ඈන් කුමාරිය මෙම හින්දු චාරිත්‍රයෙන් සුපහන් බවට පත් වූ අතර එවැනි ගව දෙනක සඳහා තණ මිටක් දීමට ද ඉදිරිපත් වූවා ය.එය ඇය හින්දු ආගමික සංස්කෘතියට දැක් වූ ගෞරවාදරයක් බව අප ගේ වැටහීම ය.එමෙන්ම ඇයට ඒඟින් දේවාශීර්වාදය හිමි වන බවට හින්දු භක්තිකයන් අතරේ විශ්වාසයක් තිබේ.අවශ්‍ය නම් තෛපොන්ගල් සමයේ උතුරු කරයට පැමිණෙන සහෝදර සිංහල ජනතාවට ද මේ අවස්ථාව උදා කර දිය හැක.එය සිංහ දමිළ ජන වාර්ගික සමඟියට ද බෙහෙවින් ඉවහල් වන බව අප ගේ වැටහීම ය.

තත්වය එසේ තිබිය දී මිනිසුන් සහ ගවයන් අතර පවත්නා පොර ඇල්ලීම් නම් වන ත්‍රාස ක්‍රීඩාව ලෝකයේ ඉපැරණිම ත්‍රාස ක්‍රීඩා අතරට අයත් වේ. පුරාතන ස්පාඤ්ඤය මෙක්සිකෝව,කොලොම්බියාව, ඉක්වදෝරය, වෙනිසියුලාව, පේරු ආදී රටවල මෙන් දකුණු ප්‍රංශයේත් පෘතුගාලයේත් ඇතැම් කොටස්වල ප්‍රචලිත මෙය අතීතයේ ශ්‍රී ලාංකේය ජන සමාජයේ ද ඉතා සුළු වශයෙන් පැවැති බවට සාක්ෂි තිබේ.එහෙත්, ක්‍රි. ව. දාහත් වන සියවසේ කන්ද උඩරට රාජ්‍යයේ එළිමහන් සිරකරුවකුව සිටි රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතික නැවියා ලියූ එෛතිහාසික ග්‍රන්ථයේ මෙලෙස ගොන් පොර නැරඹීම එවක රජකම් කළ දෙවන රාජසිංහ රජුගේ විනෝදාංශයක් බව සඳහන් වුවද එය පුහුණු කළ ගවයන් දෙදෙනකු අතර පැවැති පොරයක් බව පෙනෙයි. එමෙන්ම කීර්තිමත් ශ්‍රී ලාංකේය මානව විද්‍යාඥ පී. ඒ. පී. දැරණියගලයන් විසින් රචිත Some Sinhala Combative Field and Aquatic Sports and Games (1959)කෘතියේ සඳහන් වන අන්දමට අතීතයේ සිට ශ්‍රී ලාංකේය සමාජයේ රාජකීය සටන් කරුවන් ගේ කායික යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ එක් ක්‍රමයක් ලෙස මී ගවයකු අඟින් අල්ලා බිම හෙළිය යුතු විය. එම ග්‍රන්ථය එළිදැක්වීමට වසර විස්සකට පමණ පෙර කඩුගන්නාව ප්‍රදේශයේ කුඹුරුවල අස්වැන්න නෙළා ගැනීමෙන් පසුව මාර්තු,අප්‍රියෙල් මාස වල මුදල් ඔට්ටුවට මී ගොන් පොර පවත්වා තිබේ. එහෙත්,එය එවක සිංහල බෞද්ධ ජන සමාජයේ ඉහළ පිළිගැනීමකට ලක් වූ සංස්කෘතිකාංගයක් බව තහවුරු කර ගත නොහැක.

විශේෂයෙන් තරුණ දියණි වරුන් හිඳින වත්කම් හිමි පියවරුන් තම දියණියන් සරණ පාවා දීම පිණිස මනා කාය බලයක් හිමි නිර්භීත තරුණයන් පිළිබඳ විමසන්නට ඇති බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක . ඒ අනුව එම තරුණයන් ගේ කාය ශක්තිය සහ නිර්භීත බව උරගා බැලීමේ යෝග්‍යතා පරීක්ෂණයක් ලෙස මෙම ජල්ලි කට්ටු නම් ගව පොර යොදා ගත් බව ඒ හා සම්බන්ධ මානව විද්‍යාත්මක නිරීක්ෂණ වලදී පැහැදිලි වෙයි.

කෘෂිකර්මයට ගවයන් යොදා ගැනීමේ දී නොහික්මුණු ගවයන් හීලෑ කිරීම ද වැදගත් කටයුත්තක්ව පැවැති බව අමුතුවෙන් කිව යුතු නැත. එසේ නොහික්මුණු ගවයන් නිසා
මිනිසුන්ට ජීවිත අනතුරු පවා සිදුුවීමේ පැහැදිලි අවදානමක් තිබේ. ඒ අනුව එවන් නොහික්මුණු ගවයන් ආයුධ මඟින් මරා නොදමා තම කාය බලයෙන් මෙල්ල කිරීමේ උපක්‍රම ද එවක සමාජයේ භාවිතයට ගෙන තිබූ බව පෙනේ. එය බොහෝ විට හැඩිදැඩි තරුණයන් අතරේ පැවැති ශිල්පීය භාවිතයක් බව ද පැහැදිලි ය.
එමෙන්ම වර්තමානයට සාපේක්ෂව එවක ජන සමාජය අපරාධ සහ සිවිල් නීති පද්ධති ක්‍රියාත්මක නොවීම මත යමකුට තම ජීවිතාරක්ෂාව සහ දේපල ආරක්ෂාව සඳහා බාහු බලය, කායික ශක්තිය යෙදවීමට වැඩිපුර සිදුවූ බව නොරහසකි. එනිසා මේ වන විට දැන උගත් බුද්ධිමත් තරුණයන්ට හිමි සමාජයීය ස්ථාවරය එවක කාය බලයෙන් අනූන තරුණයන්ට හිමි වූ බව ද නොරහසකි. එහිදී විශේෂයෙන් තරුණ දියණි වරුන් හිඳින වත්කම් හිමි පියවරුන් තම දියණියන් සරණ පාවා දීම පිණිස මනා කාය බලයක් හිමි නිර්භීත තරුණයන් පිළිබඳ විමසන්නට ඇති බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක . ඒ අනුව එම තරුණයන් ගේ කාය ශක්තිය සහ නිර්භීත බව උරගා බැලීමේ යෝග්‍යතා පරීක්ෂණයක් ලෙස මෙම ජල්ලි කට්ටු නම් ගව පොර යොදා ගත් බව ඒ හා සම්බන්ධ මානව විද්‍යාත්මක නිරීක්ෂණ වලදී පැහැදිලි වෙයි.

මෙහිදී මනා කාය ශක්තියක් සහිත ගවයන් තෝරා ඔවුන් ගේ ගෙලෙහි කහ පැහැති රෙදි කඩක ඔතා කාසි පොදියක් ගැට ගසා එම ගවයා කුලප්පු කොට මුදා හරින අතර එහි දී පිටියට පැමිණෙන තරුණයන් අතුරින් තම බාහු බලයෙන් ඒ ගවයා මෙල්ල කොට ඒ කාසි පොදිය තමන් සතු කර ගන්නා තරුණයා ඒ ජල්ලි කට්ටු ක්‍රීඩාවේ ජයග්‍රාහකයා සේ සැලකේ. ජල්ලි කට්ටු යන වදන “කාසි පොදිය” යන අරුත පළ කිරීමෙන් ඒ ක්‍රීඩාවේ ස්වභාවය පෙන්නුම් කෙරේ. එහිදී එම ගවයාට යම් පීඩාවක් ඇති වුවද එය දරුණු සත්ව හිංසනයක් ලෙස සැළකිය නොහැක. එමෙන් එහි දී එමගින් ගවයාට සිදුවන ජීවිත හානියට වැඩි හානියක් වීමේ අවදානමක් එම තරුණයා හමුවේ තිබේ. ඒ අනුව ප්‍රධාන වශයෙන් ඒ ගවයා ගේ මොල්ලියේ එල්ලී ගවයා ගේ අං ප්‍රහාරයෙන් වැළකී ඒ කාසි පොදිය ඩැහැ ගැනීමට ඒ තරුණයා සමත් විය යුතුය. නමුත් මෙම ජල්ලි කට්ටු ක්‍රීඩාව මෑත ඉතිහාසයේ කිසිදු යුගයක ශ්‍රී ලංකාවේ උතුරු කරයේ පවත්වා ඇති බවට තොරතුරක් මෙතෙක් මා හමුවේ අනාවරණය වී නැත.නමුත් සිංල සමාජයේ සේම තිරික්කල රේස් නම් එවක ශ්‍රී ලංකාවේ උතුරු කරයේ ජනප්‍රිය ව පැවති බව නම් මගේ මතකයේ ද තිබේ.

විශේෂයෙන් මුදල් ඔට්ටු සඳහා ජල්ලි කට්ටු ක්‍රීඩාවේ යෙදීම එම ක්‍රීඩාවේදී තියුණු ලෝහ මෙවලම් යොදා ගනිමින් බරපතල සත්ව හිංසනයක් සිදුකිරීම සේම ඇතැම් තරඟ කරුවන් කණ්ඩායම් වශයෙන් එක්ව තම ජයග්‍රහණය උදෙසා ගවයන් ගේ ඇස්වලට මිරිස් කුඩු ගැසීම,වලිග ඇඹරීම වැනි කුරිරු සත්ව හිංසන ක්‍රියා නිරන්තරයෙන් සිදුවීම මත ඉන්දීය සත්ව අහිංසාවාදීන් ගේ හා සත්ව හිමිකම් ක්‍රියාධරයන් ගේ විශේෂ අවධානය යොමු විය.

නමුත් පසුගිය කාලය පුරා ඉන්දියාවේ තමිල්නාඩුවේ වේගවත් ප්‍රවර්දනයකට ලක් වූ මෙම ජල්ලි කට්ටු ක්‍රීඩාව එහි මූලික අභිලාෂයන් සහ අරමුණු වලින් බැහැරට බරපතල ලෙස අවභාවිතා වූ බවට නොයෙක් වර වාර්තා වී තිබේ. විශේෂයෙන් මුදල් ඔට්ටු සඳහා ජල්ලි කට්ටු ක්‍රීඩාවේ යෙදීම එම ක්‍රීඩාවේදී තියුණු ලෝහ මෙවලම් යොදා ගනිමින් බරපතල සත්ව හිංසනයක් සිදුකිරීම සේම ඇතැම් තරඟ කරුවන් කණ්ඩායම් වශයෙන් එක්ව තම ජයග්‍රහණය උදෙසා ගවයන් ගේ ඇස්වලට මිරිස් කුඩු ගැසීම,වලිග ඇඹරීම වැනි කුරිරු සත්ව හිංසන ක්‍රියා නිරන්තරයෙන් සිදුවීම මත ඉන්දීය සත්ව අහිංසාවාදීන් ගේ හා සත්ව හිමිකම් ක්‍රියාධරයන් ගේ විශේෂ අවධානය යොමු විය. විශේෂයෙන් තමිල්නාඩුවේ දෙමළ හින්දු සංස්කෘතික උත්සවයක මුවාවෙන් සිදු කෙරෙන මෙම බරපතල සත්ව හිංසන ක්‍රියාව ප්‍රවර්ධනය වීමත් සමඟ එය මුල්කොට ගත් මිනිස් සහ සත්ව මරණ සංඛ්‍යාව ද වේගවත් අයුරින් ඉහළ නැංවී තිබේ. ඉන්දීය සත්ව සුබසාධන මණ්ඩලය ( AWBI) ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් පසු වී තිබේ.2023 පෙබරවාරි 10 වන දා Times of India සඟරාව කරුණු දක්වා ඇති අන්දමට 2017 සිට 2022 තෙක් ජල්ලි කට්ටු ක්‍රීඩාවෙන් මිනිසුන් 102 හා ගවයන් 20 මරණයට පත් ව තිබේ.

ජල්ලි කට්ටු ක්‍රියාවේ අවභාවිතය සලකා 2014 වසරේ ඉන්දීය මහාධිකරණය විසින් මෙම ජල්ලි කට්ටු ක්‍රීඩාව නීතියෙන් තහනම් කිරීමේ ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් ද ගන්නා ලදී. එහෙත්,ඉන් පසුව එම ක්‍රීඩාවේ සාම්ප්‍රදායිකත්වය එහි සංස්කෘතික පසුබිම ආදී කරුණු සම්බන්ධයෙන් එම ජල්ලි කට්ටු කරුවන් දැක්වූ කරුණු සැළකිල්ලට ගත් ඉන්දීය අධිකරණය 2017 වසරේ දී එය සත්ව හිංසනයෙන් තොරව තව දුරටත් පවත්වා ගෙන යාම සඳහා නීතිමය අවසරය ලබා දී ඇත්තේ එය ප්‍රායෝගිකව සිදු කළ නොහැක්කක් බව ඕනෑම කෙනෙකුට පෙනෙන පසුබිමක් තුළ ය.

එමෙන්ම ගත වූ වසර කිහිපය තුළ මෙම ක්‍රීඩාවෙන් මිනිසුන් විසි හතක් සහ ගවයන් දෙසීයක් පමණ ද එම සත්ව හිංසන ක්‍රියාවලිය මුල්කොට නිත්‍ය ආබාධිත තත්ත්වයට පත්ව තිබූ බව ද වාර්තා විය. විවිධ පාර්ශවයන් මෙකී තොරතුරු සහ දත්තයන් වරින් වර අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලදුව මෙම ජල්ලි කට්ටු ක්‍රියාවේ අවභාවිතය සලකා 2014 වසරේ ඉන්දීය මහාධිකරණය විසින් මෙම ජල්ලි කට්ටු ක්‍රීඩාව නීතියෙන් තහනම් කිරීමේ ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් ද ගන්නා ලදී. එහෙත්,ඉන් පසුව එම ක්‍රීඩාවේ සාම්ප්‍රදායිකත්වය එහි සංස්කෘතික පසුබිම ආදී කරුණු සම්බන්ධයෙන් එම ජල්ලි කට්ටු කරුවන් දැක්වූ කරුණු සැළකිල්ලට ගත් ඉන්දීය අධිකරණය 2017 වසරේ දී එය සත්ව හිංසනයෙන් තොරව තව දුරටත් පවත්වා ගෙන යාම සඳහා නීතිමය අවසරය ලබා දී ඇත්තේ එය ප්‍රායෝගිකව සිදු කළ නොහැක්කක් බව ඕනෑම කෙනෙකුට පෙනෙන පසුබිමක් තුළ ය.නමුදු ඉන්දීය සත්ව සුබසාධන මණ්ඩලය ඒ සම්බන්ධ නියාමනයක් පවත්වා ගෙන යනු ලැබේ. ඒ කෙසේ හෝ මේ වන විට තමිල්නාඩු ප්‍රාන්තය තුළ පවා වේගවත් පසුබෑමක් පළ කරන හා අසරණ ගවයන් නොමරා මරන ජල්ලි කට්ටු ක්‍රීඩාව හින්දු භක්තිකයන් ගේ විධිමත් කරුණු විචාරීමකින් තොරව සමස්ත ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ බෞද්ධයන්ව ජීවත් වන ශ්‍රී ලංකාව තුළ ආරෝපණය කරවීම සම්බන්ධයෙන් ජාති ආගම් භේදයකින් තොරව සත්ව අහිංසාවාදීන් සහ සත්ව හිමිකම් ක්‍රියාධරයන් තුළ සේම හින්දු දහමේ ආධ්‍යාත්මික දාර්ශනික හරයන් උකහා ගත් දමිළ විද්වත් ප්‍රජාව තුළ දැඩි අප්‍රසන්තාවක් පළ වී ඇති බව ඒකාන්ත වශයෙන්ම කිව යුතුය.දැනට ඒ සම්බන්ධයෙන් අපට කිව හැක්කේ එපමණකි.

ආචාර්ය කේ අරුලානන්දන් – ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යඥ “අහිංසා ශ්‍රී ලංකා” සත්ව හිමිකම් සහ සුබ සාධන සංවිධානයේ විධායක සභික

එතෙර - මෙතෙර