අස්ගිරි මහ නා හිමියන් ගේ දෙසුමකට ඌණ පූරණයක්

මේ රටේ බොහෝ මැරයන් සහ අකටයුතුකම් කරන්නවුන් බිහි වී ඇත්තේ දේශපාලනඥයන්ගේ ආශිර්වාද මත බව වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහ නා හිමියෝ පැවැසූහ.මීට බොහෝ කලකට පෙර මෙරට සිටි ජනතාවට භික්ෂූන් වහන්සේලා අවවාදයක් අනුශාසනාවක් කළ විට එයට ඇහුම්කන් දෙන පිරිසක් සිටියත් වර්තමානයේ උන් වහන්සේලා කුමන ආකාරයේ අනුශාසනාවක් සිදු කළත් ඊට ඇහුම්කන් නොදෙන ජනතාවක් මෙරට තුළ බිහි වී ඇතැයි ද මහා නා හිමියෝ පැවසූහ.ඒ වෙනුවට භික්ෂූන් වහන්සේලා අවවාදයක් අනුශාසනාවක් සිදු කළ විට උන් වහන්සේලා නිර්දය ලෙස විවේචනය කරමින් නිගාවට පත් කරන වකවානුවක් රට තුළ උද්ගතව ඇති බවත් එම තත්වයට මෙරට දේශපාලකයන් සම්පූර්ණයෙන් වගකිව යුතු බවත් අස්ගිරි මහ නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.අස්ගිරි මහ නාහිමියන් විහාරාධිපතිත්වය දරන මහනුවර පොල්ගොල්ල බෝධිමල්කඩ විහාරස්ථානයේ ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසලේ වාර්ෂික ත්‍යාග සහතික ප්‍රදානෝත්සවය සහ දහම් පාසල් දරුවන් 250 දෙනකුට පාසල් පොත් සහ උපකරණ බෙදාදීමේ උත්සවයට සහභාගි වෙමින් අස්ගිරි මහනාහිමියන් දැඩිව අවධාරණය කර සිටියේ අද රටේ උද්ගතව තිබෙන මෙම ඛේදජනක තත්වයට දේශපාලනඥයන් සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

සම්බුදු සසුනේ භාරකාරත්වය මුළුමනින්ම භික්ෂූන් වහන්සේලා වෙත පැවරී ඇති බවට පවත්නා නූතන මතය සත්‍යයක් නොවේ.බුදු සසුන රැකීමේ සම වගකීමක් භික්ෂු,භික්ෂුනී,උපාසක,උපාසිකා යන සිව් වනක් පිරිස වෙතම පැවරී ඇති බව ඒ සම්බන්ධ ධර්මානුකූල මතයයි. නමුත් අද වන විට අප රටේ බෞද්ධ බහුතරය භික්ෂුන් වහන්සේ සහ විහාරාරාම වෙතින් දුරස් වෙමින් පවතින බව බැලූ බැල්මටම පෙනෙන කරුණකි.බෞද්ධ ස්වරූපයෙන් සමාජ ගත වන ඕනෑම “මර උගුලකට” පැනීමට අප රටේ ඇතැම් පිරිස් පෙළඹී ඇත්තේ ඒ රික්තය;හිඩැස නිසා ය.

අස්ගිරි මහ නා හිමියන්ගේ ඉහත සඳහන් ප්‍රකාශයේ යම් සත්‍යතාවක් තිබේ. එහෙත්,එය පාර්ශවීය කෝණයකින් බලා කරන ලද්දක් බව අප ගේ අදහස ය.අප ගේ ප්‍රකාශය මත වුව භික්ෂූන් වහන්සේලා අවවාදයක් අනුශාසනාවක් සිදු කළ විට එම භික්ෂූන් වහන්සේලා නිර්දය ලෙස විවේචනය කරමින් නිගාවට පත් කරන වකවානුවක් රට තුළ උද්ගතව ඇති බවට උන් වහන්සේ කළ ප්‍රකාශයේ සත්‍යතාව වැටහෙන බවට යමකුට තර්ක කළ හැකිය.නමුත් වත්මන් සමාජය හමුවේ භික්ෂූන් වහන්සේලා අවලංගු කාසි බවට පත් වීමට බලපෑ හේතු කාරණා සම්බන්ධයෙන් අතිශය විචක්ෂණශීලී ලෙස විමසා බැලීම ද ඉතා වැදගත්කාලීන අවශ්‍යතාවක් වී තිබේ.සම්බුදු සසුනේ භාරකාරත්වය මුළුමනින්ම භික්ෂූන් වහන්සේලා වෙත පැවරී ඇති බවට පවත්නා නූතන මතය සත්‍යයක් නොවේ.බුදු සසුන රැකීමේ සම වගකීමක් භික්ෂු,භික්ෂුනී,උපාසක,උපාසිකා යන සිව් වනක් පිරිස වෙතම පැවරී ඇති බව ඒ සම්බන්ධ ධර්මානුකූල මතයයි. නමුත් අද වන විට අප රටේ බෞද්ධ බහුතරය භික්ෂුන් වහන්සේ සහ විහාරාරාම වෙතින් දුරස් වෙමින් පවතින බව බැලූ බැල්මටම පෙනෙන කරුණකි.බෞද්ධ ස්වරූපයෙන් සමාජ ගත වන ඕනෑම “මර උගුලකට” පැනීමට අප රටේ ඇතැම් පිරිස් පෙළඹී ඇත්තේ ඒ රික්තය;හිඩැස නිසා ය.එසේ ජන සමාජයට පිවිසෙන නා නා විධ පිරිස් අතරේ බෝසත් වෙස් ගත්තවුන් සේම ලොව්තුරු බුදු වරුන් ගේ වෙස් ගත් ගිහි පැවිදි කපටි කයිරාටිකයන් හිඳින බව රහසක් නොවේ. ඒ සඳහා වන ප්‍රධානතම හේතුව වනුයේ අද වන විට අප රටේ සංඝ සමාජය තුළ සිල්වත්, ගුණවත් ආදී වශයෙන් වන භික්ෂු පරමාදර්ශ ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වෙමින් පැවතීම ය. අප රටේ භික්ෂුන් ගෙන් බහුතරය භික්ෂු ප්‍රතිපදාවන් ගෙන් බැහැරව අධි ලෞකිකත්වයට නැඹුරු වූ කාමභෝගී ජීවිත ගත කිරීම, හුදෙක් ධන තෘෂ්ණාව පදනම් කර ගනිමින් ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගෙන් සෘජු හා වක්‍ර ආකාරවලින් මිල මුදල් ලබා ගැනීම සහ භික්ෂුව සතු විනීත බව සහ සංවරය මුළුමනින් අමතක කොට දේශපාලන සහ සමාජමය උද්ඝෝෂණ වලදී පාතාල ක්‍රියාකාරීන් මෙන් හැසිරීම බෞද්ධයන් ගේ දැඩි කලකිරීමට හේතු වී තිබේ.මෙය බුදු සමය මුල් කොට විකල්ප කණ්ඩායම් සඳහා දොරටු විවෘත කර දීමකි.

බොහෝ භික්ෂුන් බෞද්ධයන් හට බෞද්ධ පරමාදර්ශ ඉදිරිපත් කරනු වෙනුවට ඔවුනට ධන ලාභ විභාග ජය, ලෞකික සම්පත් ප්‍රවර්ධනය ආදී අරමුණු අවකාශ ලැබෙන බවට විශ්වාස කෙරෙන මූලික බුදු දහම හා කිසිදු සබැඳියාවක් නොමැති පසු කාලීනව බෞද්ධ ලේබලය ඇල වූ ශාන්ති කර්ම වෙත යොමු කිරීම කෙරෙහි ද දාර්ශනික මුහුණු වරකින් බුදු දහම හඳුනා ගෙන සිටින බොහෝ බෞද්ධයෝ නොරිසි වෙති.

එමෙන්ම භික්ෂුවක සතු සුපේෂල ශික්ෂාකාමීත්වයෙන් මුලුමනින් බැහැර වූ බවක් පෙන්නුම් කරන බොහෝ භික්ෂුන් බෞද්ධයන් හට බෞද්ධ පරමාදර්ශ ඉදිරිපත් කරනු වෙනුවට ඔවුනට ධන ලාභ විභාග ජය, ලෞකික සම්පත් ප්‍රවර්ධනය ආදී අරමුණු අවකාශ ලැබෙන බවට විශ්වාස කෙරෙන මූලික බුදු දහම හා කිසිදු සබැඳියාවක් නොමැති පසු කාලීනව බෞද්ධ ලේබලය ඇල වූ ශාන්ති කර්ම වෙත යොමු කිරීම කෙරෙහි ද දාර්ශනික මුහුණු වරකින් බුදු දහම හඳුනා ගෙන සිටින බොහෝ බෞද්ධයෝ නොරිසි වෙති.මෙය ශ්‍රමණ බව පිළිබඳ නෛසර්ගික උරුමයක් හිමි භික්ෂුව තමනට හිමි පූජ්‍යත්වයයෙන් ඉවත් වී පූජකයන් කපුවන් ගේ තත්වයට ඇද වැටීමකි.මෙලෙස විචක්ෂණශීලී බෞද්ධයන් බුදු සමයෙන් දුරස්ව අන්ධ භක්තිකයන් පමණක් එක් රොක් වන ජනප්‍රිය බුද්ධාගමක් දැන් දැන් ගොඩ නැඟෙනු පෙනෙයි.මේවා ද මහ නා හිමි වරුන් ගේ කරුණාබර දෙනෙත් වලට යොමු විය යුතුමය.

මහා නායක හාමුදුරුවරුන් නොදන්නවා වුවද කුමන හේතුවක් මත හෝ තම විහාරස්ථානයට නිතිපතා දානය නොදෙන්නවුන් ගේ අවමඟුල් වල මතක වස්ත්‍ර පූජාවන් හට වැඩම කිරීම සඳහා ඒ දාන සඳහා නොලැබුණු හිඟ මුදල වන්දි මුදල් සහ දඩමුදල් ආදිය ඉල්ලා සිටින භික්ෂුන් පිළිබඳව ද දැන් දැන් අසන්නට ලැබේ.මෙය තම විහාරස්ථානයේ දායක සභාවේ තීරණයක් බව මෙවැනි තීරණ වල එළඹ ගන්නා ඇතැම් භික්ෂූහු කියති.

’‘තනා නිම කොට ඇති නිවසක් දැකිය හැකි වුවද තනා නිම කොට ඇති පන්සලක් දැකිය නොහැකිය” යන්න අද සමාජයේ බොහෝ දෙනකු දැන හඳුනා ගෙන හිඳින සත්‍යයකි. එමෙන්ම විහාර භූමිය තුළ සිදුකෙරෙන අනේක විධ ඉදි කිරීම් හා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දායක කාරකාදීන්ගෙන් නිතිපතා මුදල් අය කරන විහාරාධිපති භික්ෂුන් ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබේ. ඇතැම් විට මහා නායක හාමුදුරුවරුන් නොදන්නවා වුවද කුමන හේතුවක් මත හෝ තම විහාරස්ථානයට නිතිපතා දානය නොදෙන්නවුන් ගේ අවමඟුල් වල මතක වස්ත්‍ර පූජාවන් හට වැඩම කිරීම සඳහා ඒ දාන සඳහා නොලැබුණු හිඟ මුදල වන්දි මුදල් සහ දඩමුදල් ආදිය ඉල්ලා සිටින භික්ෂුන් පිළිබඳව ද දැන් දැන් අසන්නට ලැබේ.මෙය තම විහාරස්ථානයේ දායක සභාවේ තීරණයක් බව මෙවැනි තීරණ වල එළඹ ගන්නා ඇතැම් භික්ෂූහු කියති.එහෙත් මෙය තුළ ඇත්තේ ද දායක සභාව වශයෙන් හඳුන්වන කිහිප දෙනකු හා එම භික්ෂුව අතර සිදුවන වංචනික සහයෝගයක් බව මේ වන විට බුද්ධිමත් සමාජය වටහා ගෙන හමාරය. මේ අතර භික්ෂුවකට තබා ගිහියකුටවත් නොගැලපෙන නීති සහ සදාචාර විරෝධී ක්‍රියාවන් කොට ශාසනික වශයෙන් නායක පදවි වලට පවා පත්වන තුන් නිකායට අයත් භික්ෂුන් පිළිබඳව ද ඒ ඒ මහ නා හිමි වරුන් නොදැන සිටීමේ අවකාශයක් නැත.අනෙක මේ රටේ බොහෝ මැරයන් සහ අකටයුතුකම් කරන්නවුන් බිහිවී ඇත්තේ දේශපාලනඥයන්ගේ ආශිර්වාදය බවට අස්ගිරි මහ නා හිමියන් පවසන ප්‍රකාශය සත්‍යයක් වුව ද එවන් දේශපාලනඥයන් බිහි වනුයේ කාගේ ආශීර්වාදයෙන් ද යන්න ද මහ නා හිමියන් ජනතාවට පැහැදිලි කළ යුතුමය.

වත්මන් බුදු සමය හමුවේ මෙවැනි ඛේදනීය වාතාවරණයක් උදාවීම මුල් කොට අන් සියල්ලටම පළමු නෛතිකායික මහ නා හිමිවරුන් ඒකරාශී වී රාජ්‍යානුග්‍රහය ද සහිතව ශාසන ශුද්ධියක් සිදුකිරීම පසෙක තිබිය ද එළැඹී ඇති ඛේදනීය තත්ත්වය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කොට නිහඬ වීම මෙම තත්ත්වය පිටු දැකීමට හේතුවක් නොවන බව කාරුණිකව සිහිපත් කළ යුතුව යුතුව තිබේ.

හේමන්ත රන්බණ්ඩාර

එතෙර - මෙතෙර