මහනුවර දිස්ත්‍රික්කයේ උඩ පලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය අනීතික ලෙස රාජ්‍ය පරිපාලන සංචිතයට මාරු කිරීමට එරෙහිව එම කාර්යාල සේවකයෝ අද (19) දහවල් එම කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.ඔවුන් පවසනුයේ ප්‍රදේශයේ දේශපාලන බලවතකු ගේ වුවමනාව මත සිදු කොට ඇති මෙම අනීතික මාරු කිරීම රාජ්‍ය සේවා කොමිසම විසින් ද ප්‍රතික්ෂේප කොට ඇති බැවින් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය යළි උඩ පලාත ප්‍රාදේශීය ලේකම් වරිය ලෙසම සේවයේ පිහිටුවිය යුතු බව ය.