ආගමික ස්ථානවල පූජාවන්ට 50 දෙනෙකුට සහභාගි වීමට අවසර

කඨින උත්සව සදහා 50 දෙනෙකුට සහභාගී වීමට මීට පෙර අවසර ලබාදී තිබූ අතර අද සිට සෙසු ආගමික ස්ථානවලද පූජා පැවැත්වෙන දිනවලදී පමණක් 50 දෙනෙකුට ඒ සදහා සහභාගි වීමට අවසර ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

බෞද්ධ බැතිමතුන්ට පොහොය දිනයන්වලදී සහ බෝධි පූජා සඳහාත් උපරිමය 50කට යටත්ව ආගමික කටයුතුවලට සම්බන්ධ විය හැකිය.

කතෝලික, ඉස්ලාම් සහ හින්දු භක්තිකයින්ට ද විශේෂ ආගමික වැඩසටහන්වලදී උපරිමය 50කට යටත්ව ආගමික කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව පවතී.

කාලීන පුවත්