ආගමික ස්ථාන වලට විදුලි බිල් සහනයක් දෙන්න මණ්ඩලයට බැහැ විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් දැඩි බලපෑමට ලක්වන ආගමික ස්ථාන 12,000 ක් පමණ පවතින බවත් කෙසේ වෙතත් එම ආගමික ස්ථාන සඳහා විදුලි බිල් පත් මඟින් සහනයක් ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාවක් නොමැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද(20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.එබැවින් පවතින තත්ත්වය යටතේ වඩාත් සුදුසු වන්නේ අදාළ ආගමික ස්ථාන සඳහා සූර්ය විදුලිබල පද්ධති හඳුන්වාදීම බව ද අමාත්‍ය කංචන විජේසේකර එහිදී කීය.නමුත් වර්තමානයේ බෞද්ධ විහාරාරාම ආශ්‍රිතව සිදු කෙරෙන මෙම අධි විදුලි පරිභෝජනය මූලික බෞද්ධාගමික හා සංස්කෘතික පසුතලයන් හා කෙසේ ගැලපේද යන්න ද සමාජයේ විවිධ අංශ වල කතා බහට ලක් වී තිබේ.