ආගමික ස්ථාන හදන්න දුන් කෝටි 48ක් ” බහිරවයා” ගිලලා

මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සසුනෝදය නම් වැඩසටහන මඟින් ආගමික ස්ථාන ගණනාවකට 2018 වර්ෂයේදී ලබාදී තිබු රුපියල් කෝටි 48 කට ආසන්න මුදලක් අවභාවිතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.2017 වසරේ දෙසැම්බර් 04 වන දා එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වත්වයෙන් ඇරඹි මෙම වැඩ සටහනේ නියාමකත්වය එවක සංස්කෘතික ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා විසින් හොබවන ලදී.ආගමික ස්ථාන ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම මුදල් ප්‍රදානය කොට තිබූ නමුත් එම ආගමික ස්ථාන ඒ මූල්‍යාධාර භාවිතා කර සංවර්ධන කටයුතු නිසි පරිදි කර නොතිබූ බවත් මධ්‍යම සංස්කෘතික අරමුදල එම මුදල් සම්බන්ධයෙන් පසුවිපරමක් පවා කර නැති බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

කාලීන පුවත්