වර්තමානයේ වෙසක්, පොසොන් ආදී ආගමික උත්සව වල පවත්නා ආධ්‍යාත්මික සහ සදාචාරාත්මක පක්ෂය අවප්‍රමාණ වී ඊට සාපේක්ෂව විනෝදාත්මක අංග ප්‍රවර්ධනය වන බවක් පැහැදිලිවම දැක ගත හැක. විශේෂයෙන් වෙසක් කලාප, පොසොන් කලාප වශයෙන් වෙන් කරන ලද සැණකෙළි භූමි භාගයන් කෙරෙහි සුවිශේෂ ජන ආකර්ශණයක් පවතින බව ද නොරහසකි. සැබැවින් ම මෙම කටයුතු තුළින් ද සාම්ප්‍රදායික සංස්කෘතික හා කලා අංග පවා යටපත්ව නූතන ජනප්‍රිය අංග ප්‍රවර්ධනය වනු පෙනෙයි. මැරිගෝ රවුම, කතුරු ඔන්චිල්ලාව, මාරක ළිඳ, භූත ගුහාව ආදිය ඒ අතුරිනුත් වඩාත් ජනප්‍රිය අංග බව නිසැක ය. එමෙන්ම ආගමික සංසිද්ධීන් මුල් කොට මෙලෙස විනෝදාස්වාදයක් ලැබීමේ සමාජමය කටයුතු දැඩි විවේචනයනට ලක් වන බවක් ද දැකිය හැක.නමුත් ආගමික සැණකෙළි හුදු නවීන අංගයක් හෝ විලාසිතාවක් නොවේ. අපට නිසැක ලෙසම පැවසිය හැක්කේ ආගමික ස්වරූපයක් ගත් සැණකෙළි අතීත සමාජයෙන් ද කොතෙකුත් දැකිය හැකි වූ බැවිනි.සැණකෙළි හැඳින්වීම පිණිස ඉංග්‍රීසි බසෙහි එන Carnival යන වදන සිංහලයෙහි ද එලෙසින්ම ව්‍යවහාර වන්නකි.එහෙත්, මෙම කානිවල් යන්නෙහි ද ආගමික මූලයක් තිබේ.කිතුණු ආගමික සංස්කෘතික ධාරාවන් තුළ පාස්කුවට පෙර එන දුක් ප්රාප්ති හෙවත් චතාරික සමයට පූර්වගාමීව පාපෝච්චාරණ සමය( Shrovetide ) ලෙස හැඳින්විය හැකි සෙනසුරාදා සිට අඟහරුවාදා තෙක් වන දින හතරක් වේ.චතාරික සමය තුළ කිතුණුවන් ආහාර පාන වශයෙන් වුව අල්පේච්ඡතා ස්වරූපයකට පත් වන අතර ඉහත සඳහන් දින හතර තුළ ඔව්හු ඒවා අධිපරිභෝජනය කරමින් සාමූහික සතුටක් විඳිති. ඇතැමුන් පවසනුයේ මෙය චතාරික සමයට පූර්වගාමී ආහාර පාන තොග අවසන් කිරීමේ උත්සව සමයක් බව ය.එහෙත් පංචකාම සම්පත් අධිපරිභෝජනයෙන් තෘෂ්ණාව අත හැරීමේ මංපෙතක් පිළිබඳව වජ්රයාන ආදී ඇතැම් බෞද්ධ සම්ප්‍රදායන් වල ද සඳහන් ය.ඒ අනුව වර්තමානයේ කානිවල් නමින් හැඳින්වෙන සැණකෙළි මූලය අනුව එය ආගමික සැණකෙළියක් බව පැහැදිලි ය.
ලක් ඉතිහාසයෙන් උකහා ගත හැකි ආගමික සැණකෙළි අතර ‘ගිරිභණ්ඩ පූජා’ මුල් තැනක් ගනී. මහා වංශයේ තිස් හතර වන පරිච්ඡේදයේ 75, 84 අතර ගාථාවලින් මෙහි රමණීයත්වය මනාසේ විස්තර වෙයි. මහාවංශයෙහි එන ඉහත සඳහන් විස්තරය අනුව අනුරාධපුරයේ කළ මහා දඨීක මහා නාග හෙවත් මහදැලියා රජු (ක්‍රි. ව. 9, 12) විසින් මිහින්තලයේ සෑගිරිය කේන්ද්‍ර කොට හිරිභණ්ඩ පූජාවක් පැවැත් වූ බව පෙනේ. වංශ කතා මූලාශ්‍ර අනුව මේ සඳහා සුවිසල් සැණකෙළි කලාපයක් ද සකසා තිබිණ. එහි වපසරිය සෑගිරිය අවට යොදුනකි. ඒ සඳහා දොරටු සතරක් යොදා තිබිණ. එම සැණකෙළි කලාපයේ වීදි ධජ පතාක ආදියෙන් මනාව සරසා පහනින් ආලෝකමත් කර ඇතැයි පැවැසේ. එමෙන්ම කොළොම් ඔයේ (මල්වතුඔය) සිට සෑගිරිය තෙක් මාර්ගය පියැවිලි ද අතුරා තිබිණ. තව ද මෙම සැණකෙළිය නැටුම්, ගැයුම්, වැයුම් වලින් අලංකාර වී තිබිණ නගරයේ සතර දොරටුවල මහ දන්සල් ය. එමෙන්ම මෙහි ඇති විශේෂත්වය වී ඇත්තේ මෙම සැණකෙළිය මුල් කොට ගනිමින් මුළු රටේම පමණක් නොව මුහුදේ යොදුනක් දක්වා ද පහන් දල්වා තිබීම ය. ඒ අනුව මෙවැනි වෙනත් දැවැන්ත සැණකෙළියක් පිළිබඳව ලක් ඉතිහාසයේ අන් කිසිදු තැනකින් වාර්තා නොවන බව ද අතිශයින් පැහැදිලි ය.
මෙම ගිරිභණ්ඩ පූජාව වර්තමානයේ දක්නට ලැබෙන සැණකෙළි මෙන් නිසරු සැණකෙළියක් නොවේ. මිහින්තලයෙන් සෑගිරිය විෂයෙහි පවත්වනු ලැබූ පූජාවක් මුල් කොට ගත් දැවැන්ත ආගමික උත්සවයකි. එමෙන්ම එම උත්සවයේ ප්‍රබල ආධ්‍යාත්මික පක්ෂයක් ද තිබිණ. එම උත්සවයට සමගාමීව නගරයේ ස්ථාන අටක විසි හතර දහසක් භික්ෂුන් වහන්සේලාට දන් සහ සිවුරු පිරිකර පිළිගැන්වීම ද එම උත්සවයේ විශේෂයෙන් කැපී පෙනිණ.
මෙම ගිරිභණ්ඩ පූජා සම්බන්ධයෙන් මහා වංශයේ දැක්වෙන ඉහත සඳහන් විස්තරය තරම් නොවූවත් ඊට සියවසකට පමණ පෙර, එනම් සිව් වන සියවසේ ලියැවුණු බව සැලකෙන දීප වංශයේ ද එම පූජාව පිළිබඳව සඳහන් වීම විශේෂත්වයකි.
එහෙත් හුදෙක් මෙම ගිරිභණ්ඩ පූජාව වර්තමානයේ දක්නට ලැබෙන සැණකෙළි මෙන් නිසරු සැණකෙළියක් නොවේ. මිහින්තලයෙන් සෑගිරිය විෂයෙහි පවත්වනු ලැබූ පූජාවක් මුල් කොට ගත් දැවැන්ත ආගමික උත්සවයකි. එමෙන්ම එම උත්සවයේ ප්‍රබල ආධ්‍යාත්මික පක්ෂයක් ද තිබිණ. එම උත්සවයට සමගාමීව නගරයේ ස්ථාන අටක විසි හතර දහසක් භික්ෂුන් වහන්සේලාට දන් සහ සිවුරු පිරිකර පිළිගැන්වීම ද එම උත්සවයේ විශේෂයෙන් කැපී පෙනිණ.
මෙම ගිරිභණ්ඩ පූජා සම්බන්ධයෙන් මහා වංශයේ දැක්වෙන ඉහත සඳහන් විස්තරය තරම් නොවූවත් ඊට සියවසකට පමණ පෙර, එනම් සිව් වන සියවසේ ලියැවුණු බව සැලකෙන දීප වංශයේ ද එම පූජාව පිළිබඳව සඳහන් වීම විශේෂත්වයකි. එහි මෙය හැඳින් වී ඇත්තේ ‘ගිරභණ්ඩ ගහණ’ යනුවෙනි. එමෙන්ම මෙම සුවිශේෂ ආගමික සැණකෙළිය පිළිබඳව ඉන් පසුව ලියැවුණු මහාවංශ ටීකාව හෙවත් වංසත්ථප්පකාසිනිය. පූජාවලිය, විසුද්ධි මාර්ග යන්නය.රසවාහිනී (පාලි) සද්ධර්මාලංකාරය වැනි කෘතීන්වල ද සඳහන් වීමෙන් අතීතයේ පැවැති මෙම ශ්‍රී ලාංකීය ජාතික උත්සවය පිළිබඳව ඓතිහාසිකව ද කරුණු සනාථ කරගත හැක. දැනට මෙම ගිරිභණ්ඩ පූජාව පිළිබඳව නිසි අවධානයක් නොමැති වුව ද මේ සම්බන්ධ ඓතිහාසික සේම පුරවිද්‍යාත්මක සාක්ෂි ද මිහින්තලා පුද බිමෙන් මතු කරගත හැකිව තිබේ.
මිහින්තලා පර්වතය ආශ්රිත කුඩා කඳු ගැටයක් වශයෙන් අතීතයේ හඳුනා ගැනුණු කොටසකට එකල කිරිබත් වෙහෙර’ හෙවත් ගිරිබඩපවූ දාගැබ යනුවෙන් හැඳින්විණි. එහෙත්, එය අතීතයේ ඉදිකරන ලද ස්තූපයක් හෙවත් දාගැබක් බව නිර්ණය කිරීමෙන් පසුව 1934 වසරේ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් එය තහවුරු කරවන ලදී.ඒ සමඟම එම දාගැබේ බටහිර වාහල්කඩ අබියස ගලක කොටා තිබූ සෙල්ලිපියක් ද හමුවී ඇති අතර එය ඉහත සඳහන් මහා දාඨික මහා නාග රජු විසින් පිහිටුවන ලද්දක් බව නිගමනය කෙරිණ. එම ස්ථූපයේ නඩත්තුව පිණිස වන ආදායම් වාර්තා දෙකක් පිළිබඳව සඳහන් එම ශිලා ලේඛනයේ එම දාගැබ පිළිබඳව සඳහන්ව ඇත්තේ කටක චෙත යනුවෙනි. ඒ අනුව මෙම ස්ථූපය ‘කණ්ඨක චේතිය’ වශයෙන් හඳුනා ගැනුණු අතර අනුරාධපුර රජ කළ ලජ්ජතිස්ස (ක්‍රි.පූ. 149-109) රජුතුමා මේ සඳහා ශිලා කංචුකයක් තැනවූ බව ද මහා වංශයේ සඳහන් වෙයි. ඒ කෙසේ හෝ මෙම දාගැබ හැඳින්වීම සඳහා අතීත ගැමියන් යෙදූ “කිරිබත්” යන වදන පාලි ‘ගිරිභණ්ඩ’ යන වදන උච්චාරණ පහසුව තකා සිංහල ඌරුවට සකසා ගැනීමක් බව සාධාරණ ලෙස අනුමාන කළ හැක.එමෙන්ම තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් හා සම්බන්ධ තිරියාය හිරිහඬු සෑය ද මෙම අතීතයේ ගිරිභණ්ඩ පූජා සම්බන්ධ පුද බිමක් පෙනේ.
ඉහත සඳහන් ගිරිභණ්ඩ පූජා සම්බන්ධ ඉතිහාසය විමසන ඉතිහාසඥයන් සහ මානව විද්‍යාඥයෝ මෙය ප්රාග් බෞද්ධ යුගයේ සිට භාරතයේ පැවැති ගිරග්ග සමජ්ජ නම් දැවැන්ත සමාජමය උත්සවයේ ශ්‍රී ලාංකීය ස්වරූපයක් සේ හඳුන්වති.
ගිරග්ග සමජ්ජ යනු බුද්ධකාලීන ඉන්දියාවේ පවා පර්වතාශ්රිතව පැවැති දැවැන්ත සැණකෙළියකි. ඒ අනුව අනුරාධපුර රාජධානියට අයත් විශිෂ්ටතම ස්වභාවික භූ නිර්මාණයක් වන මිහින්තලය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙවන් සැණකෙළියක් සඳහා තෝරා ගැනීමට අතීත නරපතියන් තීරණය කිරීම පුදුමයට කරුණක් නොවේ.මෙහි ගිරග්ග යන්නෙන් ගිරි අග හෙවත් පර්වත මුදුන නැතහොත් පර්වත කෙළවර, පර්වත පාමුල යන අදහස පළවේ. සමජ්ජ යන්නෙන් පැවැසෙනුයේ සමාජයීය එකමුතුව වැනි අදහසකි.
බුද්ධ කාලයේ රජගහනුවර පැවැති මෙම ගිරග්ග සමජ්ජ සැණකෙළියට සහභාගී වන ඔවුහු එහි ඇති අගතිගාමීත්වය දැක සසර කළකිරෙති. ඒ අනුව වුව අපට යම් අනුමානයකට පිවිසිය හැක්කේ මෙම ගිරග්ග සමජ්ජ යනු එවක ජන සමාජයට ශිෂ්ටචාරය තුළ වල්මත් වීමට දී තිබූ එක්තරා අවස්ථාවක් බව ය. නැතහොත් අතිශය කාමභෝගී සැණකෙළියක් බව ය.
ඒ කෙසේ හෝ අතීතයේ ඉන්දියාවේ පැවැති මෙම ගිරග්ග සමජ්ජ සුවිශේෂී සැණකෙළිය පිළිබඳ තොරතුරු ත්‍රිපිටක මූලාශ්රයන්ගෙන් පවා ලබා ගත හැක.
බුද්ධ කාලයේ මෙම ගිරග්ග සමජ්ජ සැණකෙලිය නැටුම්, ගැයුම්, වැයුම්, කඩු ශිල්ප, චිත්‍ර ශිල්ප,මල්ලව පොර, සරඹ ක්‍රීඩා, ඇත්පොර, එළු පොර, දාදු ක්‍රීඩා, ඉන්ද්රජාලා, බිලි පූජා ආදියෙන් සමන්විත ආහාර පාන ඇතුළු ලෞකිකත්වයට අවශ්‍ය සෙසු සියලු අවශ්‍යතා සපුරාලන උත්සවයක් සේ හැඳින්විණ. ත්‍රිපිටක මූලාශ්‍රවලට අනුව බුදුන් වහන්සේගේ අග සව්වන් වන සැරියුත් මුගලන් මහ තෙරවරුන් කෝලිත උපතිස්ස නම් වන ගිහි කල ද ගජ මිතුරන් දෙපලකි. බුද්ධ කාලයේ රජගහනුවර පැවැති මෙම ගිරග්ග සමජ්ජ සැණකෙළියට සහභාගී වන ඔවුහු එහි ඇති අගතිගාමීත්වය දැක සසර කළකිරෙති. ඒ අනුව වුව අපට යම් අනුමානයකට පිවිසිය හැක්කේ මෙම ගිරග්ග සමජ්ජ යනු එවක ජන සමාජයට ශිෂ්ටචාරය තුළ වල්මත් වීමට දී තිබූ එක්තරා අවස්ථාවක් බව ය. නැතහොත් අතිශය කාමභෝගී සැණකෙළියක් බව ය.
ජීවත්වීම විෂයෙහි අනවශ්‍ය ලෙස කුළු ගන්වාගත යුතු නොවන සුඛාස්වාදය සමාජමය පරමාදර්ශයන් අතරට එක් කරගැනීම සුඛපරමවාදය ( Hedonism ) ලෙස විස්තර කෙරේ.ග්‍රීක් ආදී අතීත ශිෂ්ටාචාරවල පුර රාජ්‍ය බිහිවීමෙන් පසු ඒවායේ ජීවත් වන සම්භාවනීය පුද්ගලයන් පුරවැසියන් (Citizen ) ලෙස හඳුන්වන ලද අතර ඔව්හු තම ජීවිත තුළට සුඛාස්වාදයන් පිවිසුවා ගත හැකි සමාජමය ව්‍යුහයන් සකස් කරගත්හ.පුරාණ ග්‍රීසියේ Symposium නමින් හැඳින්වෙන එවන් සුඛපරමවාදී සමාජමය ඒකරාශීත්වයන් තිබූ අතර මත්පැන්, සංගීත, නර්තන සේම නාරි සේවනය ආදී විනෝදාංශ ද ඊට එක් ව තිබිණ.නමුත් නූතනයේ මෙම Symposium යන්නෙන් විද්වත් සම්මන්ත්‍රණය යන අරුත පළ වේ. ඒ කෙසේ හෝ බුදු දහම වැනි දාර්ශනික පසුතලයක් සහිත ශාස්තෲ දේශනාවක් පදනම්ව මෙවන් සරල නිසරු විනෝදයක් මතු කර ගැනීම සම්බන්ධයෙන් සමහරකු උරණ වන බව ද පෙනෙයි.නමුත් වර්තමානය පසෙක තිබිය දී බුද්ධ කාලයේ පවා බුදු දහමේ දාර්ශනිකත්වය වටහා ගත්තවුන් දැකිය හැක්කේ ඉතා සුළුතරයක් බව ත්‍රිපිටක මූලාශ්‍ර වලින් තහවුරු කර ගත හැක.
ඓතිහාසික පසුබිම කෙසේ වුවද නූතනයේ ජනප්‍රිය බෞද්ධ සංස්කෘතිකාංගයන් බවට පත් ව ඇති මෙවන් විනෝදාංශයන් මගින් සමාජයේ සදාචාරාත්මක බව බිඳ වැටේ නම් හෝ වෙන කිසියම් ආකාරයක සමාජමය අගතියක් සිදුවේ නම් වහා ඒවා මැඩලීමේ වගකීම ද පාලකයන් සතු බව කිව යුතුය. නැතිනම් එය අප බොහෝ දෙනකු දන්නා ජනප්‍රිය ව්‍යවහාරයට අනුව “රතු කට්ට පැනීමක්”ම වනු ඇත.
ඒ කෙසේ හෝ පසුකාලීනව මේ තත්ත්වය කෙතරම් අගතිගාමී අයුරින් ඉස්මතු වී ද යත් භාරතයේ රජකම් කළ අශෝක අධිරාජයාට (ක්‍රි. පූ. 268-232) මෙවන් සමාජ සැණකෙළි නතර කරන මෙන් ආඥා පැනවීමට පවා සිදුවී ඇත.අශෝක අධිරාජයා විසින් පිහිටුවන ලද පළමු ගිරි ලිපියෙහි ‘න ච සමාජ කතව්යෝ’ යනුවෙන් ‘ සමාජ කර්තව්‍යයන් නොකළ ‘යුතුය’ යනුවෙන් සඳහන් වනුයේ මෙබඳු නිසරු සැණකෙළි පමණක් බව ද පැහැදිලිය. වත්මන් සමාජයෙහි වුව ‘සමාජ’ යනුවෙන් පුළුල් අරුතක් පළවන මුත් ඊට ‘ශාලා’ සහ ‘රෝග’ යන්න එක්වීමත් සමඟ එක් නිශ්චිත අරුතක් පමණක් ගම්‍ය වන බව මෙහි දී සිහිගන්වා ගත යුතු ය. ඒ අනුව අතීත ඉන්දියාවේ පැවැති මෙම ‘ගිරග්ග සමජ්ජ’ නම් සමාජ උත්සවයට ගිරිභණඩ පූජා නම් අර්ථකථනය එක්වන්නට ඇත්තේ ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ සමයෙහි මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කිරීමෙන් පසුව බව පෙනෙයි.
ඉහත සඳහන් ඓතිහාසික පසුබිම කෙසේ වුවද නූතනයේ ජනප්‍රිය බෞද්ධ සංස්කෘතිකාංගයන් බවට පත් ව ඇති මෙවන් විනෝදාංශයන් මගින් සමාජයේ සදාචාරාත්මක බව බිඳ වැටේ නම් හෝ වෙන කිසියම් ආකාරයක සමාජමය අගතියක් සිදුවේ නම් වහා ඒවා මැඩලීමේ වගකීම ද පාලකයන් සතු බව කිව යුතුය. නැතිනම් එය අප බොහෝ දෙනකු දන්නා ජනප්‍රිය ව්‍යවහාරයට අනුව “රතු කට්ට පැනීමක්”ම වනු ඇත.
මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර