දැඩි ආගම් භක්තියෙන් යුතු එමෙන්ම ආගම් මත්තේම එල්ලී ජීවත් වන පිරිස් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා දැහැමි ගුණ ගරුක අය ලෙස බොහෝ දෙනෙක් සිතති.එහෙත් ලොව පුරා සිදු කෙරුණු සමාජ මනෝ විද්‍යාත්මක ගවේෂණ කිසිවකින් එවැන්නක් තහවුරු වී නැත.ඒ අනුව ආගම යනු මිනිසාගේ යහපතට සේම අයහපතට ද හේතු විය හැකි විෂය පථයක් බව මේ වන විට අනාවරණය වී තිබේ..පසුගිය දා ඝාතනයට ලක් වූ ජපාන අගමැති ෂින්සෝ අබේගේ ඝාතනය සිදු කරනු ලැබූ බව පැවසෙන ටෙට්සුයා යමගමි විසින් සිදු කරනු ලැබූ පාපොච්ඡාරණය ලෝකවාසී අවධානයට දැඩිව පාත්‍ර වී තිබේ. එයට හේතුව වූයේ ඝාතකයා විසින් පවසනු ලැබූ සුවිශේෂි කාරණා කීපයකි.
තමන් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබූ හිටපු ජපන් අගමැතිවරයා සමග තමන්ට කිසිදු දේශපාලනමය මතභේදයක් නොමැති බවත්, ඇත්තේ පෞද්ගලික හේතුවක් හා සම්බන්ධ මතභේදයක් පමණක් බවත් පැවසූ ඔහු එකී පෞද්ගලික හේතුව මෙලෙස විග්‍රහ කර තිබිණි. “මට අගමැතිවරයාගේ දේශපාලන ප්‍රතිපත්ති එක්ක කිසිම ප්‍රශ්නයක් තිබිලා නැහැ. ඉදිරියටත් එහෙමයි. නමුත් ඔහු ජපන් වැසියන්ට ලොකු අසාධාරණයක් කරනවා. ඒ තමයි යුනිෆිකේෂන් පල්ලියෙන් ප්‍රචාරය කරන දහම ප්‍රසිද්ධියේම වැළදගෙන තිබීම. ඔහු යුනිෆිකේෂන් දහම වැළඳ ගත්තාට පස්සේ ඔහු අනුව යමින් ජපන් වැසියන් බොහොමයක් ඒ දෙසට නැඹුරු වෙන්න පටන් ගත්තා. මගේ අම්මත් ඒ අතරින් කෙනෙක්. අද වෙද්දි මගේ අම්මා මානසික වශයෙන් බංකොලොත් භාවයට පත්වෙලා ඉන්න විදිය දැක්කොත් ඔබ කිසිම කෙනෙක් මම කළේ වරදක් කියලා කියන එකක් නැහැ. මගේ අම්මා වගේ මේ දහම වැළඳගෙන මානසික බංකොලොත් භාවයට පත් වුණු අය තව කොච්චර ඉන්නවාද කියලා මම දන්නේ නෑ. නමුත් එහෙම අය ඕනෙ තරම් ඇති. ඔහු නිසා තමයි අද මගේ අම්මාට මේ වගේ දෙයක් සිද්ධ වුණේ. ඒකට වග කිවයුත්තා ඔහු නිසයි මම ඔහු ඝාතනය කළේ.” යමගමිගේ පාපොච්චාරණයේ එසේ සටහන් වී තිබූ බව මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබිණි.
සාමාන්‍යයෙන් ආගම් මගින් සමාජීය වැසියන් කෙරෙහි යහපතක් පමණක් සිදු වන බව අප දැන සිටිය ද ඉහත ඝාතකයා වූ ටෙට්සුයා යමගමි පවසන්නේ ඔහුගේ මව විසින් වැළඳ ගනු ලැබූ යුනිෆිකේෂන් දහමෙන් සිය මවට සිදු වූයේ විපතක් මිස යහපතක් නොවන බවය. ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ සාම්ප්‍රදායික ආගම් පිළිබද අධ්‍යයන ප්‍රධානී ආචාර්ය ජෝසෆ් වොට්ස් වරක් මෙසේ පවසා තිබිණි. ” ආගම සාම්ප්‍රදායිකව සදාචාරයේ සහ සහයෝගිතාවයේ ප්‍රධාන සාධකය ලෙස සලකනු ලැබුව ද, සමහර ආගම් පිළිබද ගැඹුරින් අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ ඒවායේ ආගමික චාරිත්‍ර නවීන සමාජවල පරිණාමය තුළ වඩාත් නපුරු භූමිකාවක් රූපණය කරමින් පවතින බවකි. සමහර විට අපට විශ්වාස කළ නොහැකි මට්ටමේ භූමිකාවන් සමහර ආගම්වලින් රූපණය වන බවකි” යනුවෙනි.
ආචාර්ය වොට්ස් ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් ඔස්ට්‍රොසියානු සංස්කෘතීන් 93 ක් පිළිබදව සුවිශේෂී පර්යේෂණයක් සිදු කරනු ලැබ තිබිණි. ඔවුන් මෙකී සංස්කෘතීන් 93 හි ඓතිහාසික දත්ත විශ්ලේෂණය කරනු ලැබ තිබුණේ පරිණාමීය ජීව විද්‍යාවෙන් ව්‍යුත්පන්න වූ පරිගණක ක්‍රම භාවිත කිරීමෙනි. පර්යේෂණ වාර්තාවට අනුව, විවිධ ආගමික ඇදහිලි ක්‍රමවලට අනුව මිනිස් බිලි පූජා කිරීමේ පිළිවෙත් රැසක් ඕස්ට්‍රොනීසියාව පුරා ව්‍යාප්ත වී තිබෙන බවත් අධ්‍යයනය කරනු ලැබූ සංස්කෘතීන් 93 අතරින් 40 ක්ම යම් යම් ආකාරයේ බිලි පූජාවන් මගින් චාරිත්‍රානුකූල මිනිස් ඝාතන සිදු කරනු ලබන බවත් සදහන් ව තිබේ.
සමහර ආගමික ඇදහිලි ක්‍රම සහ සංස්කෘතීන්වල චාරිත්‍රානුකූල ඝාතන ක්‍රම විවිධාකාර වන අතර සමහර විට අතිශය කුරිරු ඒවා ද ඒ අතර වේ. ඝාතනයට හේතු ලෙස පෙනෙන්නට තිබෙන්නේ අප සතුටට පත්වන අවස්ථාවන් ය. නිදසුනක් ලෙස නව නිවසක පදිංචියට යාම, විවාහයක් සිදු වීම වැකි අවස්ථාවන් සැමරීම සදහා ද අන්‍යාගමිකයන් බිලි දීමේ අවස්ථා ද මෙවැනි ඇදහිලි ක්‍රමවල දකින්නට පුලුවන.
සමහර ආගමික ඇදහිලි සහ විශ්වාසයන් අතර, වෙනත් ආගමිකයන් කෙරෙහි වෛරය පතුරුවන අවස්ථා ද වත්මන් සමාජයෙන් පවා නිරීක්ෂණය කළ හැකි ය. සිය ආගම හැර වෙනත් ආගමික ඇදහිලි කෙරෙහි විශ්වාස තබන අයවලුන් පොලොවෙන් තුරන් කර දැමීම සිය ඇදහිල්ලට අනුව මතු කාලයක යහපතක් උදාකර දෙන ක්‍රියාවක් බවට එකී ඇදහිලිවලින් සිය බැතිමතුන් වෙත පසක් කරනු ලබයි. මෙවැනි ඇදහිලි පිළිබද ව යම් යම් කාලවල අපේ රටෙන් ද වාර්තා වී තිබූ අයුරු පාඨක ඔබට මතක ඇතැයි විශ්වාස කරමු.
දුලංජලී මුතුවාඩිගේ