ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 21 වන සංශෝධන කෙටුම් පත කැබිනට්ටුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන කෙටුම් පත අද(23) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එහිදී කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අදාළ පක්ෂ නායකයින් වෙත යොමු කොට එළෙඹෙන සිකුරාදා ඔවුන්ගේ අදහස් විමසා සංශෝධන ඇත්නම් ඒ සමඟ සම්පුර්ණ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

එම සංශෝධන සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ජා කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට යොමු කොට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා කියයි.එමෙන්ම ගැසට් නිවේදනය පළ කිරීමෙන් අනතුරුව අවශ්‍ය පාර්ශවයන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට හැකියාව පවතින බවත් හැකි ඉක්මනින් සියලු දෙනා ගේ සහයෝගය සහිතව 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරිමට පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.ජනාධිපතිවරයා සතු බලතල අවම කිරීම, ද්විත්ව පුරවැසිභාවය දරන පුද්ගලයින්ට මන්ත්‍රී ධුර දැරීමේ හැකියාව අවලංගු කෙරෙන යෝජනාවද ඇතුළුව තවත් සංශෝධන රැසක් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත් කොට තිබේ.

කාලීන පුවත්