ආණ්ඩුවට අස්වෙන්න සතියක් කල්දෙනවා

පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ වත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වීමට තවත් සතියක කාලයක් ලබාදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් පළ කළේ අද (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.එසේ සතියක් තුළ ආණ්ඩුව ඉල්ලා අස් නොවුණහොත් සමගි ජන බලවේගය අත්සන් තබා ඇති විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බවත් එම විශ්වාසභංග යෝජනාවට තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 120 ගේ සහාය ලබා දෙන බවත් උදය ගම්මන්පිල මහතා කියයි.

කාලීන පුවත්