ආණ්ඩුවෙන් සහන මිලට තණකොළ

ගව ආහාර සඳහා අවශ්‍ය තණකොළ සහන මිලට අලෙවි කිරීමේ නව වැඩපිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ආරම්භ කර තිබේ.ඒ අනුව ගව පාලනයේ නිරත ගොවීන්ට රුපියල් පහළොවක් බැගින් සෝගම් නමැති තණකොළ කිලෝවක් ලබා ගත හැක. එම තණකොළ වර්ගය සඳහා ගව පාලනයේ නියුතු ගොවීන්ගෙන් විශාල ඉල්ලුමක් පවතී.මෙම තණ විශේෂය නිෂ්පාදනය කිරීමේදී රුපියල් 11ක පිරිවැයක් වැය වන බව ද පවසන මණ්ඩලය මේවා මණ්ඩලයට අයත් ගොවිපළවල් කිහිපයක වගා කෙරෙමින් ඇති බවද පවසයි.ඒ අතර පැවෝන් නම් තෘණ විශේෂයද කිලෝවක් රුපියල් දහතුනක් වැනි මුදලකට අලෙවි කිරීමටද කටයුතු යොදා තිබේ.

කාලීන පුවත්