ඉතා විශාල පිරිවැයක් දරමින් ආණ්ඩුව ගොවියාට සහන ලබාදුන්නත් අද කියන තත්ත්වය අනුව ආණ්ඩු සේම ගොවියාත් අතරමැදියාත් පාරිභෝගික ජනතාවත් තෘප්තිමත් නොවන තත්වයක් ඉස්මතු වී ඇතැයි අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝ නායක පල්ලේගම හේමරතන නාහිමියෝ ප්‍රකාශ කරති..උන් වහන්සේ පෙන්වා දෙන්නේ ඊට හේතු විමසා බැලිය යුතු බවයි.”අපි ආර්ථික විද්‍යාඥයන් නොවුණත් මේ ගැටලුව සම්බන්ධයෙන් අපිට නොපෙනෙන නොදැනෙන කුමක් හෝ අඩුපාඩුවක් පවතිනවා. විශේෂයෙන් අපේ ජනාධිපතිතුමාත් කෘෂිකර්ම ඇමැතිවරයාත් ගොවි පවුල්වලට ලේ නෑකම් කියන නිසා මේ වගකීම ඉතාම තරයේ හිතට ගෙන පිළියම් යොදනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි කවදත් හැම වෙලාවේ ම සිටින්නේ ගොවියන්ගේ පැත්තෙ නිසා.” පල්ලේගම හේමරතන නාහිමියන් එසේ ද ප්‍රකාශ කරන ලද්දේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී ඊයේ (04දා) පැවැති අලුත් සහල් මංගල්‍යයට එක්වෙමිනි.