ආණ්ඩුව ජිවිතාරක්ෂක ගිනි අවි යළි ඉල්ලයි

සිවිල් පුරවැසියනට ජිවිත ආරක්ෂාව සඳහා ලබා දී ඇති සියලුම වර්ග වල ගිනි අවි සහ පතුරම් නැවත භාර ගැනීමට රජය තීරණය කර ඇත. ඒ් අනුව ගිනි අවි සහ ඒ සඳහා කුත් කර ඇති පතුරම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරන ද්‍රව්‍ය ගබඩාවට ලබන මස 7 වැනිදාට පෙර බාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය සියලුම බලපත්‍රලාභීන්ට දැනුම් දී තිබේ.එලෙස එදිනට පෙර ගිනි අවි සහ පතුරම් බාර දීමට අපොහොසත් වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. කෙසේ වෙතත් දේපළ ආරක්ෂාව, වගා හානි ආරක්ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කෙරුණු ගිනි අවි සඳහා මෙම නියෝගය අදාළ නොවන බව ද අමාත්‍යාංශය පවසයි.

කාලීන පුවත්