ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුණු පරමාර්ථ වලින් බැහැර වන්නේ නම් එතැනින් ගැටුමක් නිර්මාණය වීමට ඉඩ ඇතැයි ද එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රජය සමඟ ඇත්තේ රාජ්‍යය ආරක්ෂා කරගැනීම පිළිබඳ කොන්දේසි විරහිත බැදීමක් පමණක් බවත් රජය පොදුජන පෙරමුණේ පරමාර්ථවලින් එළියට යන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ වෙනුවෙන් කටයුතු කරන බවත් ආණ්ඩුව රාජ්‍යය ආරක්ෂා කරනවා මෙන්ම මේ රටේ අතිමහත් බහුතරයක් ජනතාවගේ ඕනෑ එපාකම් ඉටු කිරීමත් කළ යුතු බවත් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කීය.ඔහු මේ බව පවසා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.