ආණ්ඩුව වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ගන්න සැරසෙයි

ජනවාරි තුන් වන සතියේ සිට රජය වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.වී මිලදී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලන්ද මහතා සඳහන් කළේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ප්‍රමාණයක් වී මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.ඒ සඳහා අවශ්‍ය භෞතික ප්‍රතිපාදන වී අලෙවි මණ්ඩලය සතුව පවතින බව සඳහන් කරන ඒ මහතා ඉතා ඉක්මනින් ඊට අදාළ මුදල් වෙන් කර ගැනීමේ කටයුතු සිදුකර ගැනීමට නියමිත බව ද පවසයි.මෙලෙස ලබා ගන්නා වී රජයේ සංචිත වශයෙන් තබා ගන්නා අතර වෙළෙඳ පොළ තුළ සහල් හිඟවූ අවස්ථාවේදී පමණක් ඒවා විවෘත වෙළඳ පලට මුදා හැරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කරයි.

කාලීන පුවත්