වර්තමාන ආණ්ඩුවට ආණ්ඩුකරණයේ අත්දැකීම් නැති වුණද දේශපාලනයේ හොඳ අත්දැකීම් ඇති නිසා ආණ්ඩු කිරීම “මහ ලොකු කජ්ජක්” නොවන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.ඔහු මේ බව සඳහන් කළේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමිනි.ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මේ වන තෙක් පටන් ගෙන නැති බවත් එනිසා පටන් නොගත් ව්‍යාපෘතියකට විරෝධතා පැමිණීමට හේතුවක් නැති බවත් පැවසූ ඔහු එම ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ පෙබරවාරි මාසයේ බවත් කීය.මේ වන විට පොලීසිය විසින් සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් බවත් සිදු කරමින් හිඳින බවත් ඔහු තවදුරටත් පැවසීය.