විපක්ෂය පමණක් නොව ආණ්ඩු පක්ෂයේ බහුතරය ද ක්‍රිකට් පාලක මණ්ඩලය දූෂිතයි යන ස්ථාවරයේ සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂණයක් සිදු කරීමට තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (18) පාර්ලිමේන්තුවේදී නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.