ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට වාහනයක් වෙනුවට ඉන්ධන කෝටාවක්

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහනයක් ලබාදීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තම කටයුතු සඳහා නිල වාහනයක් වෙනුවට ඔවුන්ගේ පෞද්ගලික වාහන වලට ඉන්ධන කෝටාවක් පමණක් ලබා දීමට අවධානය යොමු කර තිබේ.නමුත් අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට රජයෙන් නිල වාහනයක් ලබා දීමට පැවති තීරණය එලෙසම ක්‍රියාත්මක වෙයි.ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් රජයෙන් වාහනයක් ලබාදීමට විරුද්ධ පක්ෂයෙන්ද දැඩි විවේචන එල්ල වී තිබේ.ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වාහනයක් ලබා දෙන්න නම් ඒ හා සමාන වාහනයක් තමන්ටද ඉල්ලා සිටින බව විපක්ෂ මන්ත්‍රීවරු කියා සිටිති.

කාලීන පුවත්