මාධ්‍ය හමුවක් කැඳවා මහාචාර්ය ආශු මාරසිංහ මහතා සම්බන්ධ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ඒ මහතාගේ පෙම්වතියක බව පැවසෙන ආදර්ශා කරඳන මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (11) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ය.ආදර්ශා කරඳන මහත්මිය මහත්මිය එහි දී ඉදිරිපත් කරන ලද වීඩියෝ පටය කෘත්‍රිමව සකසන ලද්දක් බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැමිණිලි කොට තිබේ. ඒ අතර මෙම ප්‍රකාශය සිදු කිරීම නිසා තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවත් ඊට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා ආදර්ශා කරදන මහත්මිය ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඊයේ ප්‍රතික්ෂේප කරන ලදී