2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ආදායම් සහ වියදම් වාර්තා ලබාදීමේ කාලසීමාව අද (06) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ මැතිවරණය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයන් 8361 දෙනාගෙන් 1985 දෙනෙක් පමණක් එම වාර්තා ලබාදී ඇති බවයි.
නියමිත කාලසීමාව තුළ අදාළ වාර්තා ලබා නොදෙන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කරයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කරමින් පවතින බවයි.