ආදාහන කිරීම සඳහා වන ආදාහනාගාර ගාස්තු සංශෝධනය කිරීමට කුලියාපිටිය නගර සභාව තීරණය කර තිබේ.පවත්නා නව ගෑස් මිලහමුවේ ආදාහනාගාර පවත්වාගෙන යාමෙන් සිද්ගුවන පාඩුව නගර සභාවට දරාගත නොහැකි බැවින් නගර සභාව අදාළ තීරණය ගෙන ඇති බව පැවසෙයි.ඒ අනුව කුලියාපිටිය නාගරික හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ මෘත දේහයක් ආදාහනය කිරීම සදහා පැවති රුපියල් 8000 ගාස්තුව සංශෝධනය කරමින් එහි නව ගාස්තුව ලෙස රුපියල් 10,000 ක මුදලක් නියම කර ඇති අතරකුලියාපිටිය නාගරික හා ප්‍රාදේශීය සභා බලප්‍රදේශයෙන් බැහැර පුද්ගලයන්ගේ මෘත දේහයක් ආදාහනය කිරීමට මීට පෙර අය කළ රුපියල් 9000 මුදල රුපියල් 11,000 දක්වා ඉහළ දමා තිබේ.