ආදි වාසී නායක බිරිඳ කොරෝනාවෙන් මියයයි

 

දඹානේ ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නි‍යලැත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ කොවිඩ් රෝගය වැළඳී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.පසුගිය 28 වන දා දඹාන ප්‍රදේශය ආශ්‍රිතව කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයක දී ඇය කොවිඩ් ආශාදිත බව හෙළි වී මහියංගන රෝහල වෙත ඇතුළු කරන ලදුව පසුව තත්වය උන්සන්න වීම මත ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇත.හීන් මැණිකා මහත්මිය දරුවන් නව දෙනෙකුගේ දයාබර මවකි.

කාලීන පුවත්