ආනයනික පොල්තෙල් මිල ඉහළ දැමීම කූට ජාවාරමක්

වෙළෙඳපළේ ආනයනික පොල්තෙල් මිල ඉහළ යාම කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මක ලෙස සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවකැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් සිදු කර නොමැති බැවින් මෙම පොල්තෙල් මිල ඉහළ යාම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව අධිකාරිය පෙන්වා දෙයි.ඔවුන් සඳහන් කරන්නේ දේශීය පොල්තෙල්වලට හා ආනයනික පොල්තෙල් සඳහා කිසිදු අමතර බදු අයකිරීමක් රජය විසින් සිදු කර නැති බවකි. ආනයනික පොල්තෙල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා කළින් අය කරන ලද රුපියල් 150ක බදු මුදල මෙතෙක් වෙනස් කර නැති අතර නැව් ගාස්තු ඉහළ යාම ද කිසිසේත්ම පොල්තෙල් ආනයනයට බල නොපාන බව පොල් සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. පොල්තෙල් ආනයනය කරනු ලබන්නේ ඉන්දුනිසියාවේ සිට විශාල ප්‍රමාණයේ බාජ්වලින් වන අතර ඒවා අනෙකුත් භාණ්ඩ සමග ප්‍රවාහය නොකරන බව ද පොල් සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් පෙන්වා දෙයි.

කාලීන පුවත්