ආනයන කරුවෝ රට හාල් ගෙන්වීම අරඹති

ඉදිරියේ ඇති වෙතැයි රජය අනුමාන කරන සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 25000 ත් 30000 ක් අතර ප්‍රමාණයක් මේ වන විටත් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.ආනයන බලපත්‍ර වලින් තොරව රජය පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට අවසර ලබාදීම අනුව මෙම සහල් තොග ආනයනය කර තිබේ.නමුත් සහල් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නොමැති හේතුවෙන් තමන්ට සහල් ගෙන්වීමට හැකි වනුයේ සුළු ප්‍රමාණයක් බවත් පවසන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ ඉදිරි කාලය තුළ ඉන්දීය සහල් දේශීය වෙළඳ පළට එක් කිරීම මඟින් රට පුරා පාරිභෝගිකයන් පහසු මිලට සහල් ලබා ගත හැකි වන බවකි.එමෙන්ම .නාඩු, කැකුළු හා සම්බා සහල් මෙසේ ආනයන කරන බවත් ඔවුහු සඳහන් කරති.

කාලීන පුවත්