ආනයන සීමා ලැයිස්තුව 708ට බහී

ආනයනය සඳහා පනවා ඇති සීමාවන් තවදුරටත් ලිහිල් කිරීමේ හැකියාව රජය විසින් සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන දේශීය නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දෙමින් ආනයන සීමා පනවා ඇති බවයි.

ඉකුත් අගෝස්තු මාසයේ දී නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් භාණ්ඩ 1465ක් ආනයනය කිරීම තහනම් කළ බව පැවසූ රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය පැවසුවේ එම ලැයිස්තුව භාණ්ඩ 708ක් දක්වා ලිහිල් කළ බවයි.

කාලීන පුවත්