ආලෝකය හඳුන්වන්න අන්ධකාරය නැතුව බැහැ. ආලෝකය හොයන්නත් අන්ධකාරය නැතුව බැහැ. BLACK

මේ සටහන කියවන්න කලින් එක පුංචි ඉල්ලීමක් තියෙනවා. තත්පර 30 ඇස් පියාගන්න. කරුණාකරලා ඔබේ ඇස් තත්පර 30 පියාගන්න……… ඔබට කිසිවක්ම නොපෙනුන ඒ තත්පර 30 තමයි චිත්‍රපටය. BLACK…….

BLACK …………………………………………………….
කළු… කළුම කළු…………………එහෙම නැත්නම් අන්ධකාරය ………………………………….
ඒක ඒතරම්ම දරුණුයි මනුස්සයෙක් ට තත්පර ගානක්වත් ඉන්න බැරි තරම්….. හැබැයි ඒ තරමට වටින දෙයක්… BLACK……. අපිට ආලෝකය හොයාගන්න අන්ධකාරය තරම් උදව් වෙන තවත් වටින දෙයක් නැහැ. ආලෝකය හඳුන්වන්න අන්ධකාරය නැතුව බැහැ. ආලෝකය හොයන්නත් අන්ධකාරය නැතුව බැහැ. BLACK කියන්නෙ ඒ ගැන.

ඇයට වයස අවු 2කදි ඇගේ මව්පියන් දැනගන්නෙ ඇයට කතා කරන්න බෑ ඇහෙන් නෑ සහ ඇස් පේන්නෙත් නැති බව. කිසිම හැඟීමක් ප්‍රකාශ කල නොහැකිව ඇය බිහිරි හා අන්ධ භාවයට පත් උනා. සියල්ල නෑසුන සියල්ල නොපෙනුන ….. කෙනෙකුගේ අදහසක් ඇහෙන්නවත් නැති ඇයට කිසිදු හැගීමක් ප්‍රකාශ කල නොහැකි අවාසනාවන්ත තත්වයක්. හැගීම් ගොළු උන ඇය අතිශයින්ම දඩබ්බර දැරියක් බවට පත් කළා.

ඇගේ මවගේ අවසාන උත්සාහය දේවරාජ් සහායි නම් ගුරුවරයා. ඇය කිසි කෙනෙකු ට පාලනය කල නොහැකි තරම් මුරණ්ඩු ගැහැණු දරුවෙක්. නමුත් ඊටත් වඩා මුරණ්ඩු ඇගේ ගුරුවරයාත් ඇයට පරාද වෙන්නෙ නැහැ. ඇත්තටම ඔහු මැජික්කාරයෙක්. අන්තිම ඔහු ඇයට උගන්වනවා ඇඟිලිවල මායාව. ඇඟිලිවලින් හැඟිම් ප්‍රකාශ කරන්න ඇය ඉගෙන ගන්නවා. සෑහෙන අසාර්ථක වීම් වලින් පස්සෙ ඇය ඇගේ උපාධිය සම්පූර්ණ කරනවා. ඒ ඇගේ කතාව බොලිවුඩ් රිදී තිරයට රැගෙන එන්නෙ BLACK නමින්. ඇය “හෙලන් කෙලර්”. අන්ධකාරයෙන් ආලෝකයේ පාඩම කියාදුන් ශක්තිමත් ගැහැණිය, “හෙලන් කෙලර්” ගේ ජීවිත කතාව.

භෞතිකව කිසිවක් නොපෙනෙන, ඇහෙන් නැති, කතා කල නොහැකි එවැනි ආබාධිත මිනිස්සුත් ලෝකයේ කොටසක් බව මතක් කල චරිතය “හෙලන් කෙලර්”. ඇයට ඒ සියල්ල කියා දෙන්නෙ ඇගේ ගුරුවරිය. ගුරුවරුන් යනු ජීවිතයක් සම්පූර්ණයෙන් ගොඩනඟන අය. මේ ගුරුවරයා අපට කියන්නෙ එය. විශ්වවිද්‍යාලයේ සම්මුඛ පරීක්ෂණයේදි ඔවුන් අහනවා ” දැනුම කියන්නෙ මොකක්ද ” ඇය පිළිතුරු දෙනවා, දැනුම කියන්නෙ “මගෙ ගුරුවරයාට” කියලා. ඇත්තටම ගුරුවරුන් ට පුලුවන් ලෝකෙ අළුතෙන් ගොඩනගන්න. ඒ අන්ධකාරයේ ආලෝකය හොයා යන හැටි හෙලන් ගෙ ගුරුවරියගෙන් ඉගෙන ගන්න ඕන. චිත්‍රපටයේ එක් අවස්ථාවක විශ්ව විද්‍යාලයේදී ඇය කියනවා ” සිහින දකින්නෙ ඇස් පෙනෙන අය විතරක් නෙවෙයි. මට ඇස් පේන්නේ නැහැ නමුත් මාත් සිහින දකිනවා ” කියලා. සිහින හඹා යන්න උත්තේජන සපයන්නෙ ගුරුවරු.

චිත්‍රපටයට පාදක වන හෙලන් ගේ ජීවිත කතාව බොහෝ නිර්මාණයන්ට පාදක උනා. කෙලර් බෙල් ක්‍රමයට ඉගෙන ගත්තා. රැඩික්ලිෆ් විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධියක් දිනාගන්න ප්‍රථම ගැහැණිය ඇයයි. ඉන් පස්සේ ඇය වැඩ කරනවා.ඇස් පෙනෙන නොපෙනෙන
සියලුම මිනිසුන් එක සමානයි කියලා ඇය ලෝකයට අලුත් පාඩමක් ඉගැන්වුවා. අන්ධ පුද්ගලයන්ට ඇය ලොකු ශක්තියක් වුනා. 1914 වන විට ඇය දේශකවරියක්, ලේඛිකාවක් බවට පත් වී තිබුනා.”හෙලර් කෙලර්” නමැති සමාජ සුබසාධන ආයතනයක් පිහිටවා අන්ධ පුද්ගලයන්ට පිහිට වුවා.

* 1964 දී ඇමෙරිකාවේ වැදගත්ම පුද්ගලයාට හිමි වන සම්මානය ලැබෙන්නේ කෙලර්ට.

සිනමාවට එද්දි සිනමාත්මක රූපය සැබෑ කතාවෙන් පොඩි පොඩි වෙනකම් කිහිපයක් බන්සාලි කරනවා. ඇගේ සැබෑ ගුරුවරයා “ඈන් සුවලීන්” නම් කාන්තාවක්. නමුත් ආකර්ෂණීය බව වැඩි කිරීමට හෝ බන්සාලි විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙක් රිදී තිරයෙ මවනවා. එහි හැඟීම්බරම අවස්ථාව මිෂෙල් එක් අවස්ථාවක ඔහුගෙන් අහනවා ” ඔයා මට ආදරේ ද, මට කවදාවත් ආදරේ ගැන දැන ගන්න බැරි වෙයි. මාව සිපගන්න ” කියලා. විරුද්ධ ලිංගිකයන් යොදාගැනීමෙන් බන්සාලි ගෙ උත්සාහය එතනදී සාර්ථකයි.

* චිත්‍රපටයේ පසුබිම අන්ධකාරය සහිත පසුබිම එහි තේමාව වඩා තීව්‍ර වූ බව මගේ හැඟීම. ඒ මඟින් “BLACK” යන්නට සාධාරණ අගයක් ගේන්න ගත් උත්සහයක් ලෙස පෙනුනා. නිවස ඇතුලත අන්ධකාරය, ආලෝකරණය, විශේෂයෙන්ම මිෂෙල් ගෙ උපාධි ප්‍රධානෝත්සවයේ ඇගේ කතාවට පසුබිමෙන් දැල්වෙන ඉටිපන්දම් එළිය තවත් තීව්‍ර කලා.

රඟපෑමෙන් රාණි මෙන්ම අමිතාබ් බච්චන්ද චරිතයට උපරිම සාධාරණයක් ඉටු කලා. අන්ධ ගොළු බිහිරි චරිතයකට අවශ්‍ය හැදෑරීම ඔවුන් කර තිබුනා. රාණිගෙ හොඳම රඟපෑම ලෙස මගේ තේරීම “BLACK”.

* BLACK වාණිජමය වශයෙන් බොක්ස් ඔෆීස් හි අතිසාර්ථක චිත්‍රපටයක් වූ අතර විචාරක අවධානය ද නොමදව ලබාගත් චිත්‍රපටයක්. හොඳම නළුවා ලෙස ඉන්දියානු ජාතික සම්මානය සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන අමිතාබ් දිනාගත් අතර රාණි හොඳම නිළිය, මෙන්ම හොඳම නිළියට හිමි විචාරක සම්මාන ද බොහෝමයක් දිනා ගන්නට BLACK හරහා හැකි උනා. BLACK එතෙක් “දිල්වාලෙ දුල්හානියා ” චිත්‍රපටය සතු වූ ෆිල්ම් ෆෙයා වැඩිම සම්මාන වාර්තාව බිඳ හෙලන්නටද සමත් වූවා.

* චිත්‍රපටයට පාදක වන්නේ හෙලන් කෙලර් ගේ ජීවිත කතාව සහ ඇය අදහස් හුවමාරු කරන්ගැනීම පාදක කරගනිමින් නිර්මාණය වූ “Miracle Worker” චිත්‍රපටය. හෙලන් විසින්ම ලියූ ඇගේ ජීවිත කතාව “The Story of my life” කියවන්නත් Miracle Worker චිත්‍රපටය නරඹන්නත් කියා මා ඔබට ආරාධනා කරනවා.

නෙළුම් නිසංසලා වික්‍රමසිංහ

අරුමැසි පුවත්