රථවාහන තදබදය අවම කිරීම සඳහා වරින් වර ආලෝක සංඥා පුවරු අක්‍රීය කර රථවාහන හැසිරවීම සිය`තට ගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දියත් කළ ප්රායේගික වැඩ පිළිවෙල අත්හිටුවමින් වැ.බ. පොලිස්පතිවරයා කලින් නිකුත් කළ චක්‍රලේඛය ඉවත් කරමින් අවශ්‍ය පරිදි ආලෝක සංඥා පුවරු අක්‍රීය කර රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන්ට යළි හැකි බවට අලුත් චක්‍රලේඛයක් වැ.බ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කර තිබේ.මේ පිළිබඳව කළ නිරීක්ෂණවලදී ආලෝක සංඥා පුවරු යාවත්කාලීන නොවීම නිසා ද රථවාහන තදබදය වැඩිවන බව පෙනී ගොස් ඇති නිසා මෙම අලුත් චක්‍රලේඛය නිකුත් කොට තිබේ.එමෙන්ම ඉදිරියේදී මොරටුව විශ්වවිද්‍යාලය හා අනෙකුත් පාලන ආයතන සමග සම්බන්ධීකරණය වී රථවාහන ගමනාගමනයට ගැළපෙන පරිදි ආලෝක සංඥා පුවරු යාවත්කාලීන කිරීමට තීරණය කර ඇති බවත් පැවසෙයි.එමෙන්ම, මෙම රථවාහන සංඥා ආලෝක පුවරුවල සැකසිම් (ඵ්රොග්රම්) තත්ත්කාලයට ගැළපෙන ලෙස මොරටුව විශ්වවිද්‍යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ අදාළ පළාත් පාලන ආයතනය විසින් යාවත්කාලීන කර නොමැති බවට නිරීක්ෂණය වූ අතර, අධිපැය රාජකාරි කාලයට ගැළපෙන ලෙස ආලෝක සංඥා යාවත්කාලීන කර නොමැති බවට ද තහවුරු වී ඇති බව ද පැවසෙයි.