තමන් සත්ව අපයෝජනයක් සිදුකළ බවක් පැවසෙන පරිදි ව්‍යාජ ලෙස සකස් කොට සංස්කරණය කරන ලද වීඩියෝවක් ප්‍රසිද්ධ කිරීම හා එම වීඩියෝව පිළිබඳ වැරදි අර්ථ නිරූපනයක් ලබා දෙමින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එල්ල කළ අසත්‍ය චෝදනා මඟින් තමන්ට අපහාසයක් සිදුවූ බව පවසමින් මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය නීතිඥවරුන් මගින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ආදර්ශා කරදන යන මහත්මීන් ගෙන් රුපියල් බිලියන එක හමාරක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ. තමාට සිදු කළ අපහාසයට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට රුපියල් මිලියන 500ක් හා ආදර්ශා කරදන මහත්මියට රුපියල් බිලියනයක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන ලෙස එම එන්තරවාසිය මඟින් ඉල්ලා ඇති බව සඳහන් වේ.