ඇඟ විකුණන කාන්තා ප්‍රතිශතය ඉහළ නංවන ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල තියෙන්න හරිමුද?

“ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන තේමාව පාදක කරගත් 2024 ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය ඊයේ (08)බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රෙය්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩසටහනට මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් මිරිකී සිටින කාන්තාවන් වෙනුවෙන් ද යම් අවධානයක් යොමු ව තිබිණ. මාර්තු 08 වන දාට යෙදෙන ජාන්ත්‍යන්තර කාන්තා දිනය මෙරට සමාජය ;විශේෂයෙන් ජන ජීවිතය හා බද්ධ වූයේ ඉතා මඳ වශයෙනි.බොහෝ කාන්තා දින සැමරුම් නගරයකට,එක් සමාජ පැලැන්තියකට හා ජාත්‍යන්තර න්‍යාය පත්‍ර වලට අනුරූපව සැමරීම ඊට හේතු විය.ඒ අතර පසුගිය කාන්තා දින සැමරුමක දී කාන්තා සම ලිංගික නිදහස තහවුරු කරන ලෙස බලධාරීන්ට බල කරන සටන් පාඨ සහිත පුවරු ඔසවා ගත් ශ්‍රී ලාංකේය කාන්තාවන් ගේ ඡායා රූප ද මාධ්‍ය මඟින් ප්‍රචාරය කරන ලදී.එවන් පසුබිමක් යටතේ සමාජ දේහය මත වැඩෙන බිබිලක් සේ මතු පිටට පෙනෙන මෙම මාරාන්තික පිළිකාවට පිළියම් සෙවීම කෙසේ වුවත් ඒ ගැන අවධානයක් යොමු වීම ද ඉතා වැදගත් දෙයකි. මේ වන විට සම්බාහන ආයතන නමින් රට පුරා වේගවත්ව ව්‍යාප්ත වන මසාජ් ක්ලිනික් සම්බන්ධයෙන් අදහස් පළ කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වරක් ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් මිරිකී සිටින කාන්තාවන් සම්බන්ධයෙන් අතිශය ඛේදනීය පුවතක් ගෙන හැර දැක්වීය.එනම් ඒවායේ ලිංගික ශ්‍රමය වෘත්තිය කර ගත් කාන්තාවන් ගෙන් සැලකිය යුතු කොටසක් මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් අත් මිදෙනු පිණිස එම මං පෙතට වැටුණු අසරණියන් බවකි.ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ පර්යේෂිකා අමාලි වෙදගෙදර අනාවරණය කරන අන්දමට මේ වන විටත් ශ්‍රී ලාංකේය ජනගනනයෙ ලක්ෂ විසි අටක් මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරගතව සිටිති.ඒ අතර ආදි වාසී නායක ඌරු වරිගේ වන්නියලැත්තන් පවසනුයේ ආදි වාසී කාන්තාවන් සැලකිය යුතු කොටසක් ද මෙම ණය උගුලට හසු වී ඇති බව ය.වර්තමානයේ කෙසේ වත් සිදු නොකළ ද සතුන්ට උගුල් ඇටවීම පිළිබඳ පාරම්පරික දැනුමක්,පරිචයක් හා අත්දැකීම් ආදි වාසී ජනතාවට තිබේ.එවන් තත්වයක් තුළ එම ආදි වාසී ප්‍රජාව පවා ඉලක්ක කොට අටවා ප්‍රධාන වශයෙන් එහි කාන්තාවන් ගොදුරු කර ගන්නා මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල ගැන සාමාන්‍ය සමාජය මීට වඩා දැනුවත් විය යුතු ය.

ඉතා සුළු පොලියකට සුළු මුදලක් ණය වශයෙන් ලබා දී අඩු ආදයම් ලාභී මුස්ලිම් තරුණයන් දිරි ගැන්වීමේ මීට සමාන වැඩ සටහනක් මහනුවර දිස්ත්‍රික්කයේ ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව ය.එක්තරා ඉස්ලාමීය සංවිධානයක් මඟින් ක්‍රියාත්මක කරන එය ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍රමයේ ඉතා නිවැරදි භාවිතයක් බව ද දැන ගන්නට ඇත.එහෙත් එය මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් පුරුෂ පක්ෂයට පමණක් සීමා වූ තිරසාර සංවර්ධන යෝජනා ක්‍රමයක් බව පෙනේ.සිංහල ජාතිය වඳ කිරීම පිණිස මුස්ලිම් ජාතිකයන් දියත් කොට ඇති “වඳ කොත්තු” “වඳ බ්‍රෙසියර්” “වඳ ජංගි” වැනි ව්‍යාපෘතීන් ගැන දවල් හීන දකිමින් නූතන පුරුෂ අව වහරකට අනුව කිව හොත් “ගොන් ආතල්” ගන්නා අපේ ඊනියා දේශ ප්‍රේමීන් ඉහත සඳහන් කරුණු දෙස ද අවධානය යොමු කළ යුතු ය.

මුහම්මද් යුනුස් යනු ක්ෂුද්‍ර ණය සහ ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පවල පුරෝගාමියා වෙනුවෙන් 2006 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ බංග්ලාදේශ සමාජ ව්‍යවසායකයෙකු, බැංකුකරුවෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සිවිල් සමාජ නායකයෙකි.ඔහු ගේ සංකල්පයකට අනුව නිර්මාණය වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රියාවලිය ක්‍රියාත්මක විය යුත්තේ ග්‍රාමීය ආර්ථිකය නංවාලීම, කුඩා නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම, කාන්තා සමුපකාර පිහිටුවීම වැනි ක්‍රියාමාර්ග තුළින් ශක්තිමත් ආර්ථිකයක් හිමි ජන කොට්ඨාසයක් බිහිකිරීම පිණිස ය.ඇතැමුන් තුන් වන ලෝකය නම් වෙනම ලෝකයක් වශයෙන් මවා පාන ලොව දිළිඳු රටවල ජනතාව සමාජ සාමූහික ආර්ථිකයක් (Social Solidarity Economy )මඟින් නඟා සිටුවීමේ හැකියාව නොයෙක් විදවතුන් විසින් අත් හදා බලන ලදී.ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ඒ සඳහා සාර්ථක ක්‍රමයක් සේ මේ වන විට පිළිගැනීමකට ලක් වී තිබේ.

සාමාන්‍යයෙන් ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමවලට යොමුවන්නේ බැංකුවකින් ණය මුදලක් ලබාගැනීමට නොහැකි අඩු ආදායම් ලාභී පිරිසකි.ඒ අතරිනුදු කාන්තාවන් ප්‍රධාන වනුයේ එය ගෘහ කර්මාන්ත සහ ස්වයං රැකියා ප්‍රධාන ලෙස ඉලක්ක වන බැවිනි. බංග්ලාදේශය වැනි රටවල ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍රම ක්‍රියාත්මක වන්නේ සාමාජිකයන්ගේ ඉතුරුම් වලින් ආරම්භක ප්‍රාග්ධනයක් මූලික ගනිමිනි. එහි දී මුල් අවස්ථාවේ දෙන ණය ප්‍රමාණය මෙන්ම අයකරන පොලිය ද ඉතා අඩු ය. පසුව ක්‍රමයෙන් වෙනත් ප්‍රධාන මූල්‍ය ආයතනවල ණය වැඩසටහන් සමඟ ඔවුන් සම්බන්ධ කෙරේ.ඒ ඔවුන් ප්‍රධාන ධාරාවේ මූල්‍යායතනයකින් ණයක් ලබා ගැනීම පිණිස මූලික සුදුසුකම් ලැබූ පසුව ය.එමෙන්ම යෝජිත ව්‍යාපෘතින් සඳහා ණය දෙනු ලබන්නේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමෙන් පසුව ය. එම තත්වය එරට රජයේ මූල්‍ය බලධාරීන් විසින් ද නිරතුරුවම අධීක්ෂණය කරනු ලැබේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් අප හමුවේ අනාවරණය වූ තවත් අප්‍රකට කරුණක් තිබේ.එනම් ඉතා සුළු පොලියකට සුළු මුදලක් ණය වශයෙන් ලබා දී අඩු ආදයම් ලාභී මුස්ලිම් තරුණයන් දිරි ගැන්වීමේ මීට සමාන වැඩ සටහනක් මහනුවර දිස්ත්‍රික්කයේ ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව ය.එක්තරා ඉස්ලාමීය සංවිධානයක් මඟින් ක්‍රියාත්මක කරන එය ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍රමයේ ඉතා නිවැරදි භාවිතයක් බව ද දැන ගන්නට ඇත.එහෙත් එය මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් පුරුෂ පක්ෂයට පමණක් සීමා වූ තිරසාර සංවර්ධන යෝජනා ක්‍රමයක් බව පෙනේ.සිංහල ජාතිය වඳ කිරීම පිණිස මුස්ලිම් ජාතිකයන් දියත් කොට ඇති “වඳ කොත්තු” “වඳ බ්‍රෙසියර්” “වඳ ජංගි” වැනි ව්‍යාපෘතීන් ගැන දවල් හීන දකිමින් නූතන පුරුෂ අව වහරකට අනුව කිව හොත් “ගොන් ආතල්” ගන්නා අපේ ඊනියා දේශ ප්‍රේමීන් ඉහත සඳහන් කරුණු දෙස ද අවධානය යොමු කළ යුතු ය.එසේ කොට පමණක් මදිය.ඒවා ආදර්ශයට ද ගත යුතු ය.නමුත් හිදු බලකාමී දේශපාලනය විසින් කුරුවල් කොට ඇති මනැස් ඇත්ත්වුන් හිඳින තුරු ඒවා මේ කපේ දීනම් සිදු නොවන බව සහතිකය.

වෙනත් රටවල රටවල ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍රම ක්‍රියාත්මක වන්නේ අඩු ආදායම් ලාභීන් හට කුඩා කර්මාන්තය දියුණු කර ගැනීමටය. නමුත් මෙරට තුළ වැඩි වශයෙන්ම ණය මුදල් ලබාදී ඇත්තේ දරුවන් ගේ අධ්‍යාපනය, නිවාස ඉදිකිරීම, හෝ තවත් කාගෙන් හරි ලබාගත් ණයක් ගෙවා දැමීමට වැනි ධනෝපායනයන් නොවන කටයුත්තක් වෙනුවෙනි ඇතැම් විට බොහෝ ගම්බද කතුන් ගේ සිහිනයක් වන කුඩා වර්ගයේ ස්කූටරයක් මිල දී ගැනීමට හිඟ මුදල් පියවා ගැනීමට. ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගත් කතුන් සැලකිය යුතු පිරිසක් ගැන තොරතුරු තිබේ.වෙනත් රටවල අඩු පොලියට ණය ලබා ගෙන තමන් කරගෙන යන ස්වයං රැකියාව දියුණු කරගන්නා අතරේ මෙරට කතුනට සිදු ව ඇත්තේ ගිනි පොලියකට ණය ලබාගෙන ඒවා ගෙවා ගත නොහැකිව පවුල් ජීවිත කඩා බිඳ ගැනීමට,දිවි තොර කර ගැනීමට සහ එම නියෝජිතයන් හට ලබා දෙන ලිංගික අල්ලස් ඔස්සේ ගණිකා ජාවාරමේ ” අලෙවි භාණ්ඩ ලැයිස්තුවට ඇතුලත් වීමටය.නමුත් මැතිවරණ ඉලක්ක කර ගනිමින් කාන්තා ඡන්ද ඒකරාශී කර ගැනීමට දත කට මදින අප රටේ කිසිදු දේශපාලන පක්ෂයක් මේ වෙනුවෙන් අව්‍යාජ හඬක් නගා ඇති බවක් අපි නම් නොදනිමු.

තත්වය එසේ තිබිය දී මෙරට තුළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ආරම්භයේ සිටම ක්‍රියාත්මක වන්නේ මුලුමනින්ම විකෘති ආකාරයෙනි. ගම්වල කාන්තාවන් “සර්ලා” යනුවෙන් හැඳින්වෙන බ්‍රීෆ් කේසයක් ද පිටුපට බැඳගත් යතුරු පැදියකින් ගම් දනව් සිසාරා පියඹන මෙම මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියෝජිතයන් ඒ සඳහා වැඩිපුරම කාන්තාවන් ඉලක්ක කර ගන්නා බව පැහැදිලිය.එහෙත් ඒ එන පුද්ගලයා කවුද?ඔහු නියෝජනය කරන මූල්‍ය ආයතනය කුමක්ද? යන්න වත් එම කාන්තාවෝ ඔවුන් දෙන ණය ගිවිසුම් වලට අත්සන් කරති.ඒ ඒවායේ වාර්ෂික පොලී අනුපාතය 35%කටත් වඩා ඉහළ වීම ගැන තුට්ටුවකට වත් මායිම් නොකරමිනි.එමෙන්ම පොලී ගෙවීම අතපසු වීමත් සමඟ ගෙවීමට සිදුවන දඩ පොලිය තමන්ට මේ සම්මජ්ජාතියේ ගෙවීමට නොහැකි බව ඔව්හු නොදනිති.වෙනත් රටවල රටවල ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍රම ක්‍රියාත්මක  වන්නේ අඩු ආදායම් ලාභීන් හට කුඩා කර්මාන්තය දියුණු කර ගැනීමටය. නමුත් මෙරට තුළ වැඩි වශයෙන්ම ණය මුදල් ලබාදී ඇත්තේ දරුවන් ගේ අධ්‍යාපනය, නිවාස ඉදිකිරීම, හෝ තවත් කාගෙන් හරි ලබාගත් ණයක් ගෙවා දැමීමට වැනි ධනෝපායනයන් නොවන කටයුත්තක් වෙනුවෙනි ඇතැම් විට බොහෝ ගම්බද කතුන් ගේ සිහිනයක් වන කුඩා වර්ගයේ ස්කූටරයක් මිල දී ගැනීමට හිඟ මුදල් පියවා ගැනීමට. ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගත් කතුන් සැලකිය යුතු පිරිසක් ගැන තොරතුරු තිබේ.වෙනත් රටවල අඩු පොලියට ණය ලබා ගෙන තමන් කරගෙන යන ස්වයං රැකියාව දියුණු කරගන්නා අතරේ මෙරට කතුනට සිදු ව ඇත්තේ ගිනි පොලියකට ණය ලබාගෙන ඒවා ගෙවා ගත නොහැකිව පවුල් ජීවිත කඩා බිඳ ගැනීමට,දිවි තොර කර ගැනීමට සහ එම නියෝජිතයන් හට ලබා දෙන ලිංගික අල්ලස් ඔස්සේ ගණිකා ජාවාරමේ ” අලෙවි භාණ්ඩ ලැයිස්තුවට ඇතුලත් වීමටය.නමුත් මැතිවරණ ඉලක්ක කර ගනිමින් කාන්තා ඡන්ද ඒකරාශී කර ගැනීමට දත කට මදින අප රටේ කිසිදු දේශපාලන පක්ෂයක් මේ වෙනුවෙන් අව්‍යාජ හඬක් නඟා ඇති බවක් අපි නම් නොදනිමු.ඔවුන් බොහෝ විට පවසනුයේ එම දෝෂ නිවාරණය කර ගැනීම සඳහා පවතින ක්‍රමය වෙනස් කළ යුතු බවකි.එය හරියට වැසිකිලිය තනා නිම වන තුරු මල මුත්‍ර අවශ්‍යතා දරා ගෙන හිඳිනැයි කීමට සමාන අපභ්‍රංස කකාවකි.ඒ කෙසේ හෝ 2021 ජාත්‍යන්තර කාන්තා දිනයට සමාගාමීව හිඟුරක්ගොඩ ගම් උදා භූමියේ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට එරෙහිව නැඟි ගැමි කාන්තා උද්ඝෝෂනය සැබෑ කාන්තා නියෝජ්නයක් විය යුතුය.

මේ අතර ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන පනත් කෙටුම්පත නැවත සංශෝධනය කර ඉදිරිපත් කරන තෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා සිටිමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පසුගිය දිනවල ජනාධිපතිවරයාට හා කථානායකවරයාට ලිපියක් යොමු කොට තිබිණ.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති සමග අනනුකූල වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙන්නේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන මුත් ඊට එහා ගිය බොහෝ ගැටලු සංඛ්‍යාවක් මෙම පනත් කෙටුම්පතෙහි අන්තර්ගත බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙන්වා දෙයි.ලක්ෂ 30කට ආසන්න ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ඇති පුරවැසියන්ගේ පැත්තෙන් බැලූ විට මේ පනත ඔස්සේ ආරක්ෂා වන්නේ ණය ගැණුම්කරුවන් නොව ණය ලබා දෙන්නන් යැයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නඟන තර්කය අතිශය යුක්ති සහගත ය.ඒ අනුව එම සංවිධානය ණය ගැණුම්කරුවන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ පහසුව ප්‍රමුඛකොට ගෙන මෙම පනත සංශෝධනය විය යුතු යැයි අවධාරණය කරයි.එසේ ම ණය ලබා දෙන සියලුම ආයතන නියාමනය කිරීම වැදගත් වන අතර එහිදී මේ වන විටත් එම කාරියේ යෙදී සිටින ප්‍රජා සංවිධාන ආරක්ෂා කරමින් ඒවා සංවර්ධනය කිරීමට අදාළ ප්‍රතිපාදන ඇතුළත් විය යුතු යැයි ද ඔවුන් පවසනුයේ එසේ නොකළ හොත් ණය දෙන ව්‍යාපාරික ආයතන ආරක්ෂා වෙමින් කුඩා ප්‍රජා සංවිධානවලට අසාධාරණකම් සිදු විය හැකි බව ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙන්වා දී ඇත.එසේ ම, කුඩා පරිමාණයේ ප්‍රජා මූල සංවිධාන හා විශේෂයෙන් ම කාන්තා කණ්ඩායම් විසින් ඉතා සාධාරණව හා ප්‍රජා අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන චිරස්ථායී පදනමකින් කටයුතු කරන කොටස්වල ක්‍රියාකාරිත්වය අක්‍රිය වීමට මෙම පනත හේතු විය හැකි යැයි ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යැවූ ලිපියේ සඳහන් වේ.ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටු සාකච්ඡාවේදී සියලු දෙනාගේ අදහස වූයේ මේ පනත වහාම අත්හිටුවිය යුතු බව වුව ද මෙවැනි පනතක් ගෙන ඒම කාලීන අවශ්‍යතාවක් වන බව සිය අදහස යැයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවසයි.එහෙත් එය විය යුත්තේ පනතේ සාධනීය අංග ආරක්ෂා කරමින් නිශේධනීය අංග ඉවත් කර වින්දිතයන් ආරක්ෂා වන අයුරෙන් යැයිද එම ලිපියේ වැඩිදුරටත් කරුණු සඳහන් වේ.එය ද ඉතා වැදගත් ප්‍රකාශයකි. මේ අතර හලාවත ප්‍රදේශයේ ගම්මානයකට පැමිණ එහි කාන්තාවකට ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් අත් මිදෙනු පිණිස ලිංගික අල්ලසක් ගැනීමට වෙර දැරූ “සර් කෙනෙකු” ඇගේ ඥාතීන් ගෙන් හතර හන්දි කඩා ගැනීමකට ආසන්න තත්වයකට පත් වූ බව ද දැන ගන්නට ඇත අප රටේ සාමාන්‍ය ජනතාව කැති පොලු කඩු කිනිසි,අත් බෝම්බ පිස්තෝල තුවක්කු ආදියෙන් මෙම අර්බුදයට විසඳුම් සේවීමට පෙර රජය ඒ සඳහා වහා මැදිහත් විය යුතු ව තිබේ.මක් නිසා ද දැනට පවතින තත්වය යටතේ හෙට අනිද්දාම මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය මිනීමරු සෙල්ලමක් විය හැකි බැවිනි.

රේණුකා දමයන්ති

[email protected]

එතෙර - මෙතෙර