ඇත්ගොව්වන්ට පුහුණු පාඨමාලාවක්

හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් ඇත්ගොව්වන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එහි අධ්‍යක්ෂ ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා පවසයි.අධ්‍යක්ෂ වරයා පවසනුයේ ඒ සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවා ඇති බවකි..මුතු රාජා ඇතා යළි තායිලන්තයට රැගෙන යාමේ සිද්ධිය මූලික කර ගනිමින් මෙවැනි පාඨමාලාවක් ආරම්භ කිරීම පිළිබඳ තීරණයක් ගත් බව ද තිලක් ප්‍රේමකාන්ත මහතා පවසයි.මාස හයක පාඨමාලාවක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මේ සඳහා වයස හෝ අධ්‍යාපන සුදුසුකම් සලකා නොබැලෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි.මූලික වශයෙන් එම පාඨමාලාව සඳහා 25 දෙනෙකු පමණක් බඳවා ගැනීමට සැලසුම් කොට තිබුණ ද අයදුම්පත් ඊට වැඩි ගණනක් ලැබුණහොත් බඳවා ගන්නා ප්‍රමාණය ද ඉහළ දැමීම පියවර ගන්නා බව ද ඔහු පවසයි.මුල් මාස දෙක තුළ මාස දෙකේදී පින්නවල ජාතික සත්ත්වෝද්‍යානයේ පුහුණු මධ්‍යස්ථානයේ න්‍යායාත්මක පුහුණුවකුත්, ඉතිරි මාස හතරේදී පින්නවල අලි අනාථාගාරයේදීම ප්‍රායෝගික පුහුණුවකුත් ලබා දීමට නියමිතය.011 – 2712751, 011 – 2712752 හෝ 011 – 2712753 යන දුරකතන අංක වලට ඇමතීමෙන් මෙම පාඨමාලාව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගත හැක.

කාලීන පුවත්