ඇඳිරි නීතිය දික් කරනවාද? නැද්ද? තීරණය හෙට

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දිර්ඝ කරනවා ද නැද්ද යන්න පිළිබඳව හෙට (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විමට නියමිත කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකා තීරණය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.ඔහු වැඩි දුරටත් පවසා සිටියේ එම රැස්වීමේ දී දැනට පවත්නා තත්වයන් කිහිපයක් පිළිබඳව විවිධ පාර්ශවයන් ගෙන් කරුණු සළකා බලා ගනු ලබන පොදු එකඟතාවය මත මෙම තීරණය ගනු ලබන බවය.දැනට ගෙන ඇති තීරණය අනුව මේ වන විට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 06 සඳුදා අළුයම හතරට ඉවත් කිරීමට නියමිතය.

කාලීන පුවත්