ඇමති චන්දන අබේරත්න ගේ කුකුළු මස් විහිළුව විහිළුවක්ම නොවේ

කුකුළු මස් නිෂ්පාදනය නවතා දැමුවහොත් රිලා, වඳුරු, මොනර උවදුර පහව යන යනු ඇති බව ප්‍රකාශ කළේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී තමන් විහිළුවට බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.තමන් එම ප්‍රකාශය කළේ රිළා, වඳුරු, මොනර මස් ආහාරයට ගත යුතු වන අදහසින් නොවන බවද පවසන ඒ මහතා විහිළුවට කරන ලද ප්‍රකාශයක් තේරුම් ගැනීමට නොහැකි අය සිටීම කණගාටුවට කරුණක් බවද සඳහන් කරයි.නමුත් විකල්ප මාංශ අනුභවය සහ මාංශ අනුභවය විවිධාංගීකරණයට ලක් වීම ලොව පුරා අත්දකින්නට ලැබෙන දෙයක් බවත් දුර්භික්ෂ කාල වල දී ලොව ඇතැම් ජන කොටස් සුනඛ මස් අනුභවයට හුරු වී මේ වන එය ඔවුන් තුළ ඇති වී තිබෙන අත් හළ නොහැකි පුරුද්දක් බව පවසන සත්ව ලෝලීන් පවසනුයේ එය අමාත්‍ය චන්දන අබේරත්න මහතා කළ එම ප්‍රකාශය විහිළුවකට වඩා ඔහු ගේ යටි සිත අවදිවීමක් ලෙස හැඳින්විය හැකි බව ය.ඒ අනුව ජනතාව ඒවාට අනියමින් පොළඹවන විහිළු වුව සමාජයට දැඩි අනර්ථයක් උදා කළ හැකි බව ඔවුහු වැඩි දුරටත් කියති.

කාලීන පුවත්