වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල්කරගනිමින් හෙද හෙදියන්, සෞඛ්‍ය වෘත්තීයවේදීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ(07)ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කොට තිබේ.ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ එම වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙනි.සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කළේ වර්ජනය පැවතිය ද මාතෘ හා ළමා සායන ඒකක පිළිකා ප්‍රතිකාර මෙන්ම ලේ බැංකුව ආදී ආයතන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවකි .ඊයේ උදෑසන 7 ට ආරම්භ කළ වැඩ වර්ජනයට සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති 17 ක සාමාජිකයෝ එක්ව සිටිති.